වෛද්‍ය චමල් සංජීව ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්!  

මහරගම අපේක්ෂා රෝහල සඳහා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ නවීනතම ලීනියර් ඇක්සලේටර් (Linear accelerator) පිළිකා විකිරණ උපකරණයක් මිලදී ගැනීමට සියලු පහසුකම් තිබියදී, වසර 17කට වඩා පැරණි යල් පැනගිය ආදර්ශන මොඩලයක් මිලදී ගැනීමට ඇතැම් නිලධාරීන් සහ පෞද්ගලික සමාගමක් උත්සාහ කරන බවට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනාවරණය කරයි.  

මෙම සැකසහගත මිලදී ගැනීම හරහා පිළිකා රෝගීන් දහස් ගණනකගේ ජීවිත අනතුරට ලක්වන බැවින්, වහාම මේ පිළිබඳව සොයා බලා ජනාධිපතිවරයා සෘජු මැදිහත් වීමක් සිදු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

මීට අමතරව, මෑතකදී ස්ථාපිත කළ CT ස්ටිමියුලේෂන් යන්ත්‍රය සම්බන්ධ ගැටලු සහ ඇතැම් පරිපාලකයන්ගේ අරමුණු පිළිබඳවත් විමර්ශනයක් අවශ්‍ය බව ද හෙතෙම පෙන්වා දෙයි.

Share.
Leave A Reply