රටේ සමස්ත මැතිවරණ නීති පද්ධතියේ දැවැන්ත ප්රතිසංස්කරණ රැසක් සිදුකිරීම සඳහා මහ ජනතාව, විවිධ සංවිධාන හා දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා 31ක් අඩංගු විශේෂ විද්වත් කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට භාරදී තිබේ.
රාජ්ය පරිපාලන අමාත්ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්නගේ සභාපතිත්වයෙන් රැස්වූ මෙම කාරක සභාව වෙත වැටුප් කොමිෂන් සභා සභාපති අශෝක පීරිස්, සීමා නිර්ණය කොමිෂන් සභා සභාපති සමන් ශ්රී රත්නායක ඇතුළු පස්දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබේ.
මේ අනුව ලියාපදිංචි දේශපාලන පක්ෂවලට අදහස් දැක්වීමට ලබා දී තිබූ කාලය තවත් සති දෙකකින් දීර්ඝ කර තිබේ. ලැබී ඇති සියලු යෝජනා සමාලෝචනය කර ඉදිරි මාස දෙක ඇතුළත ප්රධාන අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව ද රටේ පුරවැසියන්ට නව සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.

