ලංකාවේ ලක්ෂ 5කටත්, ලොව මිලියන 788කටත් ලංකාවෙන් අලුත් සුව සරණක්!
මානසික කඩාවැටීමෙන් හෝමෝන ක්රියාවලිය අක්රිය වී රුධිරය අපිරිසිදු වන බවට හෙළිදරව්වක්!
සංකීර්ණ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලින් තොරව වකුගඩු රෝගය නිට්ටාවටම සුව කිරීමේ හැකියාව සහිත නවතම සෞඛ්ය ක්රමවේදයක් ශ්රී ලංකාව තුළ හඳුන්වා දීමට හැකි වී ඇතැයි වෛද්ය සංජය පුෂ්පකුමාර මහතා පවසයි.
ලෝකයේ වකුගඩු රෝගී සත්කාර ක්ෂේත්රයේ නව පිටුවක් පෙරළමින් හඳුන්වා දෙන මෙම සෞඛ්ය ක්රමවේදය, මෙරට සහ සමස්ත ලෝකවාසී වකුගඩු රෝගීන්ට අලුත් සුව සරණක් වනු ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
ලංකාවේ ලක්ෂ 5ක්, ලොව පුරා මිලියන 788ක් රෝගීන්!
ලොව පුරා වයස අවුරුදු 20 සහ ඊට වැඩි පුද්ගලයන් මිලියන 788ක් නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන බව 2023 වසර සඳහා වූ ගෝලීය රෝග බර අධ්යයනයේ (Global Burden of Disease Study) ඇස්තමේන්තු අනාවරණය කරන බව පැවසූ වෛද්යවරයා, එම වසරේදී පමණක් ලොව පුරා වකුගඩු රෝගයෙන් සිදුවූ මරණ සංඛ්යාව මිලියන 1.48ක් බව ද පෙන්වා දුන්නේය.
ශ්රී ලංකාව ද මෙම බරපතළ අභියෝගයට මුහුණ දී සිටින බවත්, මේ වන විට මෙරට තුළ වකුගඩු රෝගීන් ලක්ෂ පහකට (500,000) අධික සංඛ්යාවක් සිටින බවත් ඔහු කීය. සෞඛ්ය අමාත්යාංශයේ වාර්තාවලට අනුව 2023 වසරේදී මෙරට පුද්ගලයන් 6,582ක් රුධිර කාන්දුකරණ (Hemodialysis) ප්රතිකාර ලබා ඇති අතර, 2024 වසරේදී පරීක්ෂා කළ 7,923 දෙනාගෙන් 595 දෙනකු රෝගීන් ලෙස යොමු කර ඇත. මේ වන විට එම සංඛ්යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
මානසික කඩාවැටීම සහ හෝමෝන අක්රියතාව
වකුගඩු රෝගීන්ට මුහුණ දීමට සිදුවන ප්රධාන මනෝ-කායික ගැටලුව පිළිබඳව කරුණු පැහැදිලි කළ වෛද්ය සංජය පුෂ්පකුමාර මහතා මෙසේ පැවසීය:
“වකුගඩුව ආශ්රිතව රෝගයක් තියෙනවා කියලා වෛද්යවරයෙක් මුලින්ම කියන අවස්ථාවේදීම ඕනෑම රෝගියෙක් මානසිකව ඇද වැටෙනවා. මෙන්න මේ මානසික කඩාවැටීම නිසා මොළය සහ වකුගඩු අතර තියෙන හෝමෝන ක්රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නවතිනවා.”
එසේ හෝමෝන ක්රියාවලිය නැවතීම හෝ අක්රමවත් වීම හේතුවෙන් වකුගඩුවේ ප්රධානතම කාර්යභාරය වන රුධිරය පිරිසිදු කිරීම වෙනුවට රුධිරය අපිරිසිදු වීම සිදුවන බව ද හෙතෙම කීය.
නව ක්රමවේදය ඔස්සේ මෙම හෝමෝන ක්රියාකාරීත්වය සහ වකුගඩු අක්රියතාව යථා තත්ත්වයට පත් කරමින් රෝගීන් පූර්ණ සුවපත්භාවයට පත් කළ හැකි බව ඔහු අවධානය කළේය.
හේතුව පැහැදිලිව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය (CKDu) කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවත්, මුල් අවධියේදී පැහැදිලි ලක්ෂණ නොපෙන්වන බැවින් දියවැඩියාව, අධි රුධිර පීඩනය පාලනය කරගනිමින් වෛද්ය උපදෙස් මත පරීක්ෂා කරගැනීම වැදගත් බවත් වෛද්යවරයා වැඩිදුරටත් පැවසීය.

