ජනතා පාර්ලිමේන්තු කණ්ඩායමේ ලේකම් ආචාර්ය උපාලි චන්ද්‍රසිරි කියයි!

ලෝක බලවතුන්ගේ යුද්ධ, රෝග බිය සහ බලශක්ති අර්බුද හමුවේ ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයක් ස්වෛරීව නැගී සිටීමට නම්, රට තුළ ස්වයංපෝෂිත ආර්ථිකයක් සහ ජාතික සර්ව ආගමික සමගිය ගොඩනැගිය යුතු බව ජනතා පාර්ලිමේන්තු කණ්ඩායමේ ලේකම් ආචාර්ය උපාලි චන්ද්‍රසිරි පවසයි.

ආහාර, ඖෂධ සහ බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ජනතාව සමඟ විවෘතව සාකච්ඡා කර ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු වුවත් වර්තමාන රජය අදාළ අමාත්‍යාංශ මෙහෙයවීමට අසමත් වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

රටේ කියාත්මක සියලුම අමාත්‍යංශ වඩා සැලසුම් සහගතව ඉදිරියට කටයුතු කළ යුතු බවත් හෙතෙම කීය.

අධ්‍යාපනය, ආගම හා සංස්කෘතිය විනාශය දෙසට තල්ලු කරමින් ජනතාව මානසික පරාධීනත්වයට පත් කිරීමට ආණ්ඩුවත් රජයත් කටයුතු කරන බව ද ඔහු කීය.

මෙම අවාසනාවන්ත තත්ත්වය නිවැරදි කිරීමට රජයේ ආයතන අසමත් වී ඇති බැවින්, රාජ්‍යයේත් ජනතාවගේත් පැවැත්ම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක වන ප්‍රබල ජනතා ව්‍යාපාරයක හදිසි අවශ්‍යතාවක් මතුව ඇති බව ආචාර්ය උපාලි චන්ද්‍රසිරි වැඩිදුරටත් අවධාරණය කරයි.

Share.
Leave A Reply