එල්නිනෝ සහ අධික වැසි තර්ජන මැද කෘෂිකර්මයෙන් හදිසි සැලසුම්!
රටේ 2026/27 මහ කන්නය සඳහා දිවයින පුරා වාරි භූමි හෙක්ටයාර 323,821න් සියයට 95ක් (හෙක්ටයාර 308,638ක්) අස්වැද්දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග අංශ දැවැන්ත සැලසුමක් ක්රියාත්මක කර ඇති බව නවතම දත්ත සටහනක දැක්වේ.
මෙයට වී වගාව සඳහා හෙක්ටයාර 295,755ක් සහ අතිරේක ආහාර බෝග සඳහා හෙක්ටයාර 12,883ක් ඇතුළත් වේ. කෙසේ වෙතත්, ඔක්තෝබර් – දෙසැම්බර් කාලය තුළ එල්නිනෝ තත්ත්වය ශක්තිමත් වීම හා අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර හා නායයාම් අවදානමක් පවතින බව ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්යස්ථානය (NRMC) අනතුරු අඟවයි.
දැනට වාරි ජලාශවල සාමාන්ය ජල ධාරිතාව සියයට 35.3 ක් සහ මහවැලි කලාපවල ජල මට්ටම සියයට 63 ක් ලෙස පැවතුණද, සුළු වැව්වලින් සියයට 50 ක ජල ධාරිතාව සියයට 25කට වඩා අඩු බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග අංශ නිකුත් කළ දත්ත සටහනේ දැක්වේ.
ගොවීන් ඔක්තෝබර් 31ට පෙර වැපිරීම් අවසන් කළ යුතු අතර, 2027 යල කන්නයේ නියඟ අවදානම පාලනයට මාස මාස දෙක හමාර වී සහ 3 කෙටි කාලීන වී ප්රභේද වගා කිරීමටත්,
ඒකාන්තර තෙත් සහ වියළි වාරිමාර්ග ක්රමය (AWD) යටතේ ජල කළමනාකරණ ක්රම අනුගමනය කිරීමටත් දැඩි උපදෙස් ලබා දී ඇති බවද දත්ත සටහන පවසයි.
( AWD යනු “Alternative Wetting and Drying” (ඒකාන්තර තෙත් සහ වියළි වාරිමාර්ග ක්රමය) යන්නයි.)

