ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන ආබාධිත තත්ත්වයේ පසුවන ‘කාවන්තිස්ස’ ඇතාගේ වර්තමාන තත්ත්වය සහ ප්‍රතිකාර කටයුතු පිළිබඳ සොයා බැලීමට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ජ්‍යෙෂ්ඨ වනජීවී පශු වෛද්‍ය කණ්ඩායමක් සමග හදිසි ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත විය.

සියඹලංගමුව වැව ආසන්න වන ලැහැබේදී ඇතා නිර්වින්දනය කර ඉදිරි දකුණු පාදයේ තුවාලයට අවශ්‍ය ප්‍රතිකාර හා ප්‍රතිජීවක ලබා දී ඇති අතර, ඉන් සාධනීය ප්‍රගතියක් ලබා ඇත.

පශු වෛද්‍ය අධ්‍යක්ෂ ගංගා විජේසිංහ මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය කමිටුව හරහාම ඉදිරි ප්‍රතිකාර හා නිරන්තර පසු විපරම් සිදු කිරීමට උපදෙස් දී තිබේ.

ගල්ගමුව හා මීගලෑව වනජීවී කාර්යාල මගින් විශේෂ කණ්ඩායම් යොදවා ඇතා පිළිබඳ දිනපතා නිරීක්ෂණය කරනු ලබයි.

හක්කපටස්, බඳින තුවක්කු ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය බෙදා හරින සහ භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව පොලිසිය හා එක්ව වැටලීම් දැඩි කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී වනජීවී නිලධාරීන්ට දැඩි ලෙස උපදෙස් දුන්නේය.

මීට අමතරව අනුරාධපුර පණ්ඩුලගම පිහිටි වනසත්තු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ද නිරීක්ෂණයක නිරත වූ අමාත්‍යවරයා, පශු වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු සහ යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය

Share.
Leave A Reply