මාලිමා ආණ්ඩුවේ තෙල් මිල සූත්‍රය ගැන සර්වජන බලයෙන් බරපතළ ප්‍රශ්න කිරීමක්!
ඉන්ධන මිල වැඩිවීම පිටුපස ඇත්තේ දැවැන්ත වංචාවක් බවත්, වරායෙන් ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බවට වූ පොරොන්දුව ආණ්ඩුව කඩ කර ඇති බවත් ‘සර්වජන බලය’ පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී, නීතිඥ මධුර විතානගේ මහතා පවසයි.
අද (01) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ආණ්ඩුව විනිවිදභාවයෙන් තොරව, මිල සූත්‍රය රහසිගතව තබාගනිමින් ජනතාව නොමඟ යවන බවයි.
ප්‍රධාන චෝදනා සහ දත්ත:
පසුගිය මාර්තු මාසයේ මැදපෙරදිග යුද්ධයේ උච්චතම අවස්ථාවේදී ලෝකයේ කිසිදු රටක් නොගත් ඉහළ මිලකට, එනම් ඩීසල් බැරල් එකක් ඩොලර් 286 කට ලංකාව මිලදී ගෙන ඇති බවත්, HSBC බැංකු ප්‍රධානියා පවා ඒ පිළිබඳව මවිතය පළ කළ බවත් හෙළි විය.
රුපියල් 399 ක් වූ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් වැඩි කර දැන් රුපියල් 414 ක් කර ඇති අතර, මෙයට රුපියල් 70 ක සහනයක් ලබා දෙන බව ආණ්ඩුව පවසයි. එසේ නම් 414 ට 70 ක් එකතු වූ විට ලීටරයක සැබෑ මිල රුපියල් 484 ක් වන බැවින්, එම මිල හැදුණු ආකාරය රටට හෙළි කරන ලෙස අභියෝග කර ඇත.
වරායෙන් ගොඩබාන මිල, රේගු ගාස්තු, රක්ෂණ සහ නැව් ගාස්තු, මෙහෙයුම් වියදම් මෙන්ම බෙදාහරින්නන්ට සහ පිරවුම්හල්වලට ගෙවන ලද මුදල් ප්‍රමාණයන් විනිවිදභාවයෙන් යුතුව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සිටියි.
ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර විමර්ශන (Internal Investigation Unit) සහ අභ්‍යන්තර විගණන (Internal Audit) අංශවල නිලධාරීන් සීසීකඩ යවා ඒවා අකර්මන්‍ය කර ඇති බවත්, ඉන්ධන ජාවාරම් සහ වංචා යටපත් කිරීමට උත්සාහ දරන බවත් මධුර විතානගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
“ආණ්ඩුව බලයට ආවේ වරායෙන් ගොඩබාන මිලට පොඩි ලාභයක් තියාගෙන පෙට්‍රල් සහ ඩීසල් දෙනවා කියලා. නමුත් අද මිල සූත්‍රය හංගලා, ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් හොරට තෙල් පටවනවා. වහාම ඉන්ධන ලීටරයක් හැදෙන මිල සූත්‍රය රටට ප්‍රකාශ කරන්න.” – නීතිඥ මධුර විතානගේ (සර්වජන බලය මෙහෙයුම් ප්‍රධානී)

