(ස්ථානය: ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වහලයේ ඇති බිත්තියක් උඩ)  

@මැක්කී: “අනේ මැක්කෝ… අර පත්තරකාරයෝයි, නාලිකාවල අයයි එකතු වෙලා ජනපතිතුමාගෙන් ලොකු ඉල්ලීමක් කරන්න යනවා නේද?

@”මැක්කා: “ඔව් අනේ මැක්කියේ! ජනමාධ්‍ය විෂය පථයට ‘කරාතේ’ ඇතුළත් කරලා 2048 අයවැයෙන් ඒකට ප්‍රතිපාදන වෙන් කරන්න කියලා ඉල්ලන්න යන්නේ!

@”මැක්කී: “අප්පට සිරි! මාධ්‍යවේදීන්ට මොකටද අනේ කරාතේ? මයික් එක අල්ලගෙන ප්‍රශ්න අහන්න නේද තියෙන්නේ?

@ මැක්කා: “උඹට තේරෙන්නේ නෑ මැක්කියේ… දැන් කාලේ ප්‍රවෘත්ති සොයාගෙන යන එක ලෙහෙසි නෑ. මාධ්‍ය සාකච්ඡාවලදී ප්‍රශ්න අහද්දි මයික් එක උදුරගන්න එන අයට ‘කැටා’ (Kata) පාරක් දාලා, ‘ගෙරි’ (Kick) පාරක් ගහලා බේරෙන්න එපැයි!

@”මැක්කී: “එතකොට 2048 අයවැයෙන් මොනවාද ඉල්ලන්නේ?

@”මැක්කා: “අප්පෝ ලොකු ලිස්ට් එකක්!මාධ්‍යවේදීන්ට නොමිලේ ‘කළු පටිය’ (Black Belt) ලබාදීම.   ‘කැමරා ලෙන්ස්’ ආරක්ෂා කරගන්න විශේෂ කරාතේ ආවරණ.   ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ‘බ්ලොක්’ (Block) කරන අයට ‘ජැබ්’ (Jab) පාරක් ගහන්න නිල අවසරය!

@”මැක්කී: “හප්පට සිරි… එතකොට ඉස්සරහට ප්‍රවෘත්ති බලද්දි කොහොම තියේවිද?

@”මැක්කා: “වෙනදට ‘සුබ රාත්‍රියක්’ කියන නිවේදකයා, ඉස්සරහට කියාවි ‘ඔස්! (Oss)… හයි-යා!!’ කියලා බ්ලැක් බෙල්ට් එක බැඳගෙන ප්‍රවෘත්ති කියන්න පටන් ගනීවි!” …..

Share.
Leave A Reply