ගොවියා මහපාරේ, ජනතාව පීඩනයේ සිටින බවත් වී සහ ඉන්ධන ජාවාරමෙන් රුපියල් බිලියන ගණනක අලාභයක් සිදුවන බව ඉංජිනේරු නාලක බණ්ඩාර පවසයි.
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය සහ ඉන්ධන වෙළඳපොළ නියාමනය නොවීම හේතුවෙන් ගොවියාත්, සාමාන්‍ය පාරිභෝගිකයාත් එකසේ දැඩි අර්බුදයකට ලක්ව ඇති බව නවතම සංඛ්‍යා ලේඛන හෙළි කරන බව .
2025/2026 මහ කන්නය සඳහා නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා රුපියල් 130කටත්, කීරි සම්බා රුපියල් 140කටත් මිලදී ගැනීමට රජය රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර තිබුණද, වෙළඳපොළේ මහා පරිමාණ මෝල් හිමියන් සහ අතරමැදියන් වී කිලෝවක් රුපියල් 80-90 වැනි සොච්චම් මුදලකට ගොවියාගෙන් ලබා ගැනීමට උත්සාහ කරන බව වාර්තා වේ.
මීට අමතරව, පසුගිය කාලසීමාවේදී ලෝක වෙළඳපොළේ ඩීසල් බැරලයක මිල සාමාන්‍ය මට්ටමක පවතිද්දී, ලංකාව ඩීසල් බැරලයක් ඩොලර් 286ක අධික මිලකට ආනයනය කිරීම හේතුවෙන් විශාල මූල්‍ය අලාභයක් සිදු වී ඇත.
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 399 සිට රුපියල් 15කින් ඉහළ දමා රුපියල් 414 දක්වා වැඩි කර ඇති අතර, රජය පවසන රුපියල් 70ක සහනය එකතු කළහොත් සැබෑ වියදම රුපියල් 484ක් විය යුතුය. එහෙත් මෙම මිල ගණනය කිරීමේ සූත්‍රය රජය විසින් ජනතාවට හෙළිදරව් නොකිරීම සැකයට කරුණකි.
අවශ්‍ය ජාතික විසඳුම්: වී හා සහල් නියාමන මණ්ඩලයක් පිහිටුවීම, ඩිජිටල් ගොවි දත්ත පද්ධතියක් සකස් කිරීම සහ විනිවිදභාවයෙන් යුත් ඉන්ධන මිල සූත්‍රයක් වහාම ප්‍රසිද්ධ කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව හෙතම කීය.

