දිවයින පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් සහ සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීම සඳහා හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
“රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක වන මෙම සේවාව මගින් තොරතුරු ලබාදෙන්නන්ගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන අතර, ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
ජනාධිපති කාර්යාලයේ සහ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම අංකය ඇමතීමෙන් ඕනෑම තොරතුරක් සුරක්ෂිතව ආරක්ෂක අංශ වෙත ලබා දිය හැකිය.

