ඉස්ගෙඩියා ගෙම්බා ….මාළුවා.. බක..බක.. අනුර දිසානයක …බක ..බක.. බක
නාමල් රාජපක්ෂ ගැන දුරකතන පක්ෂයේ මතය මෙන්න
නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩු! අරං හදා ගත්තු නඩු …
නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩු පසුගිය පාලන සමයේ ගනුදෙනු සම්බන්ධයෙන් අලුතින් සාදාගත් ඒවා බවත්, ඒවා අතිජාත නඩු නොවන බව සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (30) මාධ්‍ය හමුවේ දී බොරැල්ල ප්‍රධාන සංවිධායක නීතීඥ රජිත ලක්මාල් මහතා පවසයි.
“ඒ කියන්නේ ජනාධිපතිතුමාට මෙහෙමයි, ජනාධිපතිට ඇත්තටම රැස්වීම් පවත්වන්න උවමනාවක් නැහැ ජනාධිපතිට. ජනාධිපතිට එහෙම උවමනාවක් නැහැ. මොකද දැන් අවුරුද්දක් ගියානේ. අපි දැක්කා අවුරුද්දෙන් අවුරුද්දෙන් එහෙම රැස්වීම් තිබ්බද?
අපි අවුරුද්දයි දැන් අවුරුද්දෙන් මේ වැඩ ටික කරා කියලා එහෙම අවුරුද්දෙන් රැස්වීම් තිබ්බද? නැහැ. එතකොට අවුරුදු දෙකෙන් ඇයි රැස්වීම් තියන්නේ? දැන් තේරෙනවා, දැන් මේ මිනිස්සු එන්න එන්න මිනිස්සුන්ට එන්න එන්න මේක එපාවෙලා තියෙන්නේ.
22 වෙනි සංශෝධනය ගෙනාවා, මුළු රටක් විරුද්ධ වුණා. කවුද? මහා නායක හිමිවරු විරුද්ධ වුණා. ඊළඟට ශ්‍රී ලංකා නීතීඥ සංගමය විරුද්ධ වුණා. ඊළඟට කතෝලික සභාව විරුද්ධ වුණා. ඒ වගේම තමයි පාර්ලිමේන්තුව ඇතුළේ, පාර්ලිමේන්තුවෙන් පිටත මේ පිළිබඳ විශාල විරෝධයක් ආවා.
මේ එකක්වත් සත පහකට, පයිසයකටවත් ගණන් ගත්තේ නැහැ, 20 වෙනි සංශෝධනය අරගෙන ආවා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඕනෑම සංශෝධනයක් ගේන්න පුළුවන්. ඒක නිකන් කැතයි වගේ වුණාට ඒක තමයි ඇත්ත. ලංකාවේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඕනෑම සංශෝධනයක් ගේන්න පුළුවන්.
ඒක බැරි නැහැ, පුළුවන් ගේන්න. හැබැයි ඒක සම්මත කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති හරි ගේන්න පුළුවන්, ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න පුළුවන්.
හැබැයි ඒකට, එහෙම ගේන්න ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමවේදය නැතුව තමයි මේගොල්ලෝ කරේ. එතකොට ඒගොල්ලොන් එක්ක හිටපු, ඒගොල්ලොන් එක්ක හිටගෙන හිටපු මිනිස්සු ටික, මං කියන්නේ නැහැ ඒ ටික මේ අපි ලඟට ඇවිල්ලා කියලා. හැබැයි ඒ ටික එතනින් නාය ගියා. එතකොට ඒක එතනින් නාය ගියායින් පස්සේ මෙයාට ඕන වුණා සක්කයක් ගහන්න.
සක්කයක් ගහලා ඒ ටික එකතු කරගන්න, නැත්නම් තවත් උඩටත් නාය යන එක නතර කරන්න. ඒක හින්දා මෙයා මොකද කරේ? සත පහක වැඩක් කරන්න නැතුව, මේ අවුරුදු දෙක ඇතුළත සත පහක වැඩක් කරලා නැහැ.
ගිහිල්ලා පෙන්නලා කියන්න වැඩක් නැහැනේ. ඒ අවුරුදු, ඒ දැන් ඒ මනුස්සයා ඔය මීටින් තිය තිය යන්නේ අපි කරපු වැඩ අවුරුදු දෙකේ රටට සුබයි කියලා කියන්නනේ.
හැබැයි ඒ කතන්දර අහගෙන ඉන්නකෝ, ඒ කතන්දර එකකවත් නැහැ එයා කරපු වැඩ. එතෙන්ට ගිහිල්ලත් කියන්නේ “ආයි මං මේක කරනවා, මේක කරනවා, මං මේක කරනවා, ලබන අවුරුද්දේ මේක කරනවා, අයවැයෙන් මේක ගේනවා”.
එතකොට එතන ඉන්න අර ජනතාවට මං ඉල්ලීමක් කරනවා, අහන්න අර කරනවා කිව්ව වැඩ ටිකට මොකද වුණේ කියලා අවුරුදු දෙකේ. අවුරුදු දෙකේ කරනවා කිව්ව වැඩ ටිකට මොකද වුණේ කියලා අහන්න. ටැක්ටරයක් ගියාට ලක්ෂ දහයක වන්දියක් දුන්නේ නැද්ද කියලා අහන්න. වැට් එක අඩු කරාද කියලා අහන්න.
අපේ දරුවන්ගේ පාසල් පොත් වලට, පාසල් උපකරණ වලට දෙනවා කිව්ව සහනයක් අපිට දුන්නේ නැද්ද කියලා අහන්න. විදුලි බිල අඩු කරාද කියලා අහන්න. ජල බිල අඩු කරාද කියලා අහන්න. මේවා කිසි දෙයක් නොකර අර නාය යන එක වලක්වන්න තමයි මේගොල්ලෝ මේ බොරු රැස්වීම්, පච රැස්වීම්… මේ ජනාධිපතිවරයා ගිහිල්ලා තව පචයක්…
ඒ කියන්නේ දන්නවා දැන් ජනතාවගේ මේවා… දැන් අපේ ජනතාව ඇත්තටම රැවටුණානේ මේ ජාතික ජන බලවේගයට. මං ඒ කතාවත් කියන්නම්කෝ. මං ඒක කියන්නත් නෙමෙයි හිටියේ, ඒක කියන්නම්.
දැන් අපි පොඩි කාලේ ඔය මේ වෙල් ගාව එහෙම ගිහිල්ලා ඉවරවෙලා ලස්සන මාළුව වගයක් අල්ලගන්නවා.
හරිද, අපේ පොඩි ළමයි ඒක කරනවා. ඒ වෙල් වල ඉන්න පොඩි ලස්සන මාළුව වගයක් අල්ලගන්නවා. අල්ලගෙන ඇවිල්ලා ටැංකියට ගෙනැල්ලා අනේ ආදරෙන් ඇති කරනවා, අනේ ලස්සනයි මාළු, කළු පාටයි, බෝල බෝල ඉන්නවා. හරිද, එතකොට එයා අර ටැංකියේ ඉඳලා ටික දවසකින් මෙන්න ගෙම්බෙක් වෙනවා.
දැන් මේ අනුර කුමාර ඉස්ගෙඩියා ගෙම්බෙක් වෙලා ඉන්නේ. අනුර කුමාර ජනාධිපතිවරයා ඉස්ගෙඩියෙක් විදිහට ජනතාව රැවටුණා මාළුවෙක් කියලා හිතලා අල්ලලා දාගත්තා. රටේ ප්‍රධානතම තනතුර දුන්නා,
හැබැයි දැන් ගෙම්බෙක් වෙලා තියෙන්නේ, දැන් ජනතාවට තේරෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ, වටේට පැන පැන, වටේට පැන පැන ගම්පහට පනිනවා, බේරුවලට පනිනවා, තිස්සමහාරාමයේ…
තව මං හිතන්නේ තවත් රැළි තියෙනවාද දන්නේ නැහැ, ඕවට පැන පැන මිනිහා අර ඉස්ගෙඩියා වගේ ‘මම ඉස්ගෙඩියෙක් නෙමෙයි, මම මාළුවෙක්, මම මාළුවෙක්’ කියලා පෙන්නන්න හදනවා. නමුත් එයා මාළුවෙක් කියලා පේන්නේ නැහැ, මොකද එයා බක බක ගාන සද්දේ අපිට හොඳින් ඇහෙනවා. මේවා දැම්මහම මට ඉතින් පල්ලු යන්න බනියි.
ඒ කියන්නේ ඒ බනින්නේ මේ ජනතාව නෙමෙයි. මේගොල්ලන් තියාගෙන ඉන්නවනේ පොඩි පොඩි සෙට්, පොඩි පොඩි සෙට් අපිට ගහන්න ෆේස්බුක් වල. නමුත් මේක තමයි ඇත්ත, කට කැඩුණත් අපි ඇත්ත කියනවා.”
(මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය: නාමල් රාජපක්ෂ මහත්මයාගේ දේශපාලනය ඉවරද? එක පිට එක නඩු එනවා දැන්.) “ඔව් නඩු එතුමා සම්බන්ධයෙන්, නාමල් සම්බන්ධයෙන් නඩු පැවරීම් සිද්ධ වෙනවා. ඉතින් එතුමාගේ දේශපාලනය සම්බන්ධයෙන් ඉතින් එතුමාම තමයි ඉතින් ඔය තීරණ ගන්න ඕනේ.
ඉතින් එතුමා, එතුමා සම්බන්ධයෙනුත් ඔය නඩු පැවරීම්, ඔය කිසිදු ගනුදෙනුවක් සම්බන්ධ නඩු පැවරීම් තියෙනවනේ.
ඕවා ඔය ඔය නඩු පැවරීම් කොහෙද, කොයි කාලෙද වුණේ? ඒවා මේ ආණ්ඩුවෙන් දාපුවා. ඒ කිසි ගනුදෙනුවක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වුණායින් පස්සේ ඔය කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගත්තේ කොයි කාලෙද?
2019. එතකොට 2020, 2019 තමයි ඔය නඩු කටයුතු පටන් ගත්තේ. එතකොට තේරෙනවනේ, මේ ඒවාවත් අඩුම තරමේ ඔය නාමල්ට එරෙහිව තියෙන නඩුත් මේගොල්ලන්ගේ අතිජාත නඩු නෙමෙයි, ඒවත් අරන් හදාගත්පුවා. නාමල්ට තියෙන නඩු අරන් හදාගත්තු නඩු.
ඒවාවල ඒවාවල අතිජාත ඒවාවල පියවරු ඉන්නවා. මේගොල්ලෝ මොකද කරන්නේ, අර අපි දැන් කෑම එකක් කනවා, කඩේකට ගිහිල්ලා හෝටලයකට ගිහිල්ලා කෑම එකක් කනවා. කෑම එකක් කාලා ඉවරවෙලා දැන් කෑම එක කෑවා, කෑම එක රසයි, මේක හොඳයි, තව අඩුවක් ඕනේ. මේ අඩු පුරවන කට්ටිය.”
(මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය: දැන් 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව දැන් ඒකබද්ධ විපක්ෂය නම් කියනවා දැන් අවුරුදු තුනකින් තමන් පාර්ලිමේන්තුවට ආවොත් ඒ පාර්ලිමේන්තුවේදී බලය අරන් සංශෝධනය කරන්න පුළුවන්, සංශෝධනය කරලා එන අමැතිවරුන්ට ඇමතිවරුන්ගේ වගකීමක් තියෙනවා මේක වෙනස් කරන්න ඕනේ කියලා. සමගි ජන බලවේගය විදිහට මතය මොකක්ද?)
“සමගි ජන බලවේගය විදිහට අපේ නායකතුමා ඔය සම්බන්ධයෙන් පැහැදිලි මතවාදයක් ප්‍රකාශ කරා. මේ සම්බන්ධයෙන් මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපි මේ ආණ්ඩුව හිතපු නැති, මේ ආණ්ඩුව හිතපු නැති ඒ වගේම තමයි රටේ ජනතාව වැඩිපුරම සහභාගී වෙච්ච මෑත කාලයේ තිබ්බ උද්ඝෝෂණය පැවැත්වුණා.
ඒ උද්ඝෝෂණය වෙලාවේදී අපේ නායකතුමා පැහැදිලිව සඳහන් කිරීම කරා 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපි අපේ ආණ්ඩුවක් යටතේ, අපේ බලයක් යටතේ, ජන බලය යටතේ මේකට සිදු කරනු ලබන වෙනස්කම් පිළිබඳව. ඒ අනුව අපි ඉදිරියේදී කටයුතු කරන බව ඉතාමත් ගෞරවයෙන් ජනතාවට දන්නා සිටිනවා.”
(මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය: ඒ කියන්නේ දැන් මේ ආණ්ඩුව දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා තියෙනවා. දැන් සතුටු වෙන්න බැරි තත්ත්වයක් තියෙනවාද දැන් ආණ්ඩුව කියන්නේ මේ සියලු දේ වෙනස් කරා කියලා, දැන් මෙට්‍රෝ බස් දාලා තියෙනවා, පාරවල් වල මංතීරු නීතිය ක්‍රියාත්මක වෙනවා, රට හොඳ අතට යනවා…)
“මං මංතීරු නීතියත් මං හිතන්නේ පාඨලී ගෙනාවේ නේද? පාඨලීගේ ගැසට් එක තමයි මේ මංතීරු නීතිය. ඔව් මංතීරු නීතියත් පාඨලීගේ ගැසට් එකක් තමයි මේ අය ගෙනාවේ. මෙට්‍රෝ බස් සම්බන්ධයෙන්, මෙට්‍රෝ බස් වල මූලික ගනුදෙනු ටික, ඔක්කොම ටික මූලික සාකච්ඡා ටිකත් අපේ ආණ්ඩුවල වුණේ. අර ඒක තමයි මං කිව්වේ.
මේ රස කෑම එකක් හම්බවුණාම අඩුවක් දාගන්න හිතෙනවා. ඒ හෝටලයකට ගිහිල්ලා කද්දී තමයි තේරෙන්නේ, නැත්නම් ගෙදර ඉද්දී කද්දීත් හොඳට කාලා ඉවරවෙලා තව ටිකක් කන්න හිතෙනවනේ.
අපේ හොඳ දේ ඒගොල්ලෝ තව ටිකක් ඉස්සරහට අරගෙන යනවා, ඒක හොඳයි. අපිත් සතුටු වෙන්න ඕනේ මෙට්‍රෝ බස් ආපු එකට, මම ඉතාමත්ම සතුටුයි. මොකද අපි පටන් ගත්තු, අපි යෝජනා කරපු වැඩපිළිවෙලවල් තමයි මේ මහා පොළොව ඇතුළේ යථාර්ථයක් වෙන්නේ. ඒවා හොඳ වැඩ, ඒවා වෙන්න ඕනේ, ඒවට අපි ආශීර්වාද කරනවා.”
(මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය: ඒ කාලේ විරුද්ධ වුණා) “ඒ මෙට්‍රෝ බස් සම්බන්ධයෙන් ඒ කාලේ ඒගොල්ලෝ විරුද්ධ වුණා. දැන් හරි කරනවනේ ඒක. හරි නැහැ මේක හොඳයි කියලා හිතලා ඒගොල්ලෝ කරන්නේ මේ කාලේ කියපු දේට සම්පූර්ණයෙන්ම හාත්පසින් වෙනස් දේවල්නේ.
ඒක හින්දා හොඳයි, මෙට්‍රෝ බස් එක හොඳයි, ඒක හොඳ වැඩක් ආණ්ඩුවේ ඇත්තටම, ඒක ඉදිරියට අරන් යන්න.

