ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2026 සැප්තැම්බර් 27) උදෑසන යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81ක පමණ තොගය සම්බන්ධයෙන්, යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ දායකත්වය යටතේ සිදුකෙරෙණු පරීක්‍ෂාවේදී, එම මත්ද්‍රව්‍ය තොගයේ අයිස් මත් ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් අසූ එකක (81) පමණ තොගයක් ඇති බවට අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙමින් පවතින අතර, වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.

Share.
Leave A Reply