දුෂ්කරතා මධ්‍යයේ දිනාගත් ආර්ථික ස්ථාවරත්වය ජනප්‍රියවාදී දේශපාලන වාචාලකම් උදෙසා බිලි නොදෙන ලෙස ‘දිනන දකුණ’ සාමූහිකය රජයට බලකර සිටියි. 2027 මාර්තු මසින් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් හදිසියේ බැහැරවීම රට යළිත් බංකොලොත් භාවයට ඇද දමන විනාශකාරී මතවාදී සූදුවකි.
📊 අයවැය දත්තවලින් හෙළිවන කටුක යථාර්ථය:
- 2027 අපේක්ෂිත රාජ්‍ය වියදම: රුපියල් ට්‍රිලියන 4.99යි.
- පැනවා ඇති ණය සීමාව: රුපියල් ට්‍රිලියන 3.8යි.
- ආදායම් මාර්ග නැති හිඟය: රුපියල් ට්‍රිලියනයකට ආසන්නයි.
ධනය උත්පාදනය නොකොට නැවතත් ණය ලබාගෙන සහන බෙදාහැරීමේ පැරණි අමනෝඥ ක්‍රමය හමුයේ රට නැවතත් 2028 දැවැන්ත ණය උගුලට හසුවනු ඇත. IMF අනුමැතියකින් තොරව ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට පිවිසිය හැකි යැයි සිතීම භයානක මිරිඟුවකි!
💡 අපගේ ප්‍රධාන ඉල්ලීම්:
- 2027න් පසු අනුප්‍රාප්තික වැඩසටහනකට යොමු වන්න: ණය සේවාකරණය සහ ආයෝජක විශ්වාසය තහවුරු කිරීමට මෙය අත්‍යවශ්‍ය කොන්දේසියකි.
- රාජ්‍ය මූල්‍ය විනය සුරකින්න: ඡන්ද අරමුණු කරගත් මූල්‍ය අපතේ යැවීම් වහා නතර කර දිගුකාලීන ස්ථාවරත්වයට මුල්තැන දෙන්න.
මිලියන 22ක ජනතාවගේ අනාගතය අතිශය අවදානම් සහගත මතවාදී අගතියකට බිලි නොදී, ප්‍රඥාශීලී හා ප්‍රායෝගික ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට වහා පියවර ගන්න!
– නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව | දිනන දකුණ සාමූහිකය

