ආචාර්ය ලක්මිණ බණ්ඩාරනායක කියයි
“ජනතාව ප්‍රේක්ෂකයන් නෙවෙයි; රටක සැබෑ බලය පරමාධිපත්‍යයයි”
රටක් වෙනස් වන්නේ නීති සම්පාදනය කිරීමෙන් පමණක් නොව, සමස්ත සමාජයේම ආකල්ප හා වගකීම්වල ඇති වන ප්‍රායෝගික වෙනසකින් බව ආචාර්ය ලක්මිණ බණ්ඩාරනායක මහතා අවධාරණය කරයි.
රටක සැබෑ ශක්තිය මිනිය හැක්කේ භෞතික සංවර්ධනයෙන් හෝ ආර්ථික සංඛ්‍යා ලේඛනවලින් පමණක් නොවන බවත්, නීතියට ගරු කරන ජනතාවක් හා වගකීම්සහගත රාජ්‍ය සේවයක් තුළින් බවත් හෙතෙම පෙන්වා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තියට අනුව පරමාධිපත්‍ය බලය හිමි ජනතාව රාජ්‍ය පාලනයේ හුදෙක් ප්‍රේක්ෂකයන් නොවන බව සඳහන් කළ ඒ මහතා අයිතිවාසිකම් මෙන්ම වගකීම් ඉටු කිරීමද පුරවැසියාගේ වගකීමක් බව පැවසීය.
නීතිය තමන්ට අවාසි සහගත අවස්ථාවලදී පවා ඊට ගරු කිරීම, අල්ලස හා දූෂණය පිටුදැකීම සහ අනාගත පරපුරට යහපත් ගුණධර්ම දායාද කිරීම පුරවැසි වගකීමකි.
එසේම රාජ්‍ය සේවකයා යනු ජනතාවට බලය පෙන්වන්නෙකු නොව, ජනතා බදු මුදලින් වැටුප් ලබන සේවකයෙකු බව මතක තබා ගත යුතුය. දුප්පත්-පොහොසත් හෝ බලවත්-දුබල භේදයකින් තොරව නීතිය ඉදිරියේ සැමට එක හා සමාන ගෞරවයක් හා සාධාරණ සේවාවක් හිමි විය යුතු බව ආචාර්ය බණ්ඩාරනායක මහතා සඳහන් කළේය.
“අපට අවශ්‍ය වන්නේ බලවතුන්ට පමණක් නොව, සාමාන්‍ය පුරවැසියාටද බියෙන් තොරව ගෞරවයෙන් ජීවත් විය හැකි රටකි. රට වෙනස් කිරීමේ වගකීම තනි පුද්ගලයෙකුට හෝ ආණ්ඩුවකට පමණක් කළ නොහැක. අප සියලු දෙනාම එකමුතුව වගකීම් ඉටු කළ විට පමණක් ‘හොඳ රටක්’ යන්න දෛනික සැබෑ අත්දැකීමක් බවට පත් කරගත හැකිය,” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

