පාතාල හා මත්ද්රව්ය ජාවාරම් මැඩලීම සඳහා දෙස් විදෙස් ඉලක්ක වලට අවධානය යොමු කරමින් විශේෂ ආරක්ෂක කණ්ඩායම් 17ක් අඛණ්ඩව යොදවා ඇති බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර පවසයි.
මේ වන විට මනුෂ්ය ඝාතන ප්රමාණය 18ක් දක්වා පහළ ගොස් ඇති අතර, සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා නව පනත් ගෙනැවිත් ඇත. පොලිසිය, විශේෂ කාර්ය බළකාය (STF) සහ අනෙකුත් විමර්ශන ආයතන ඒකාබද්ධව නීතිය දැඩිව ක්රියාත්මක කරමින් මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරයි.

