වසර 46කදී නිවාස 780කට හානි — අප්රේල් මාසය මාරකම කාලය වෙයි!
අකුණු වැදීම නිසා 2000 සිට 2019 දක්වා කාලයේ දී මරණ 162 ක් සිදුව ඇති බවත් 2023 දී පමණක් මරණ 20 ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය දත්ත සටහනක දැක්වේ.
ලංකාවේ 1974 සිට 2019 දක්වා වසර 46ක කාලය තුළ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයන් 549 දෙනකු මියගොස් තවත් 498 දෙනකු තුවාල ලබා ඇති අතර, එම කාලය තුළ නිවාස 39ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 741කට හානි සිදුව ඇත.
විශේෂ අවධානයට ලක්විය යුතු කරුණ වන්නේ 2000 සිට 2019 දක්වා වසර 20ක කාලයේදී අකුණු හේතුවෙන් වසරකට සාමාන්යයෙන් පුද්ගලයන් 18 දෙනකු මියගොස් තවත් 16 දෙනකු තුවාල ලබා තිබීමය. 2012 වසරේදී පමණක් අකුණු මරණ 68ක් වාර්තා වී තිබේ.
දත්ත සටහන අනුව මෙම කාලයේ දී අප්රේල් මාසයේදී අකුණු මරණ 150ක් සහ තුවාල ලැබීම් 147ක් වාර්තා වී තිබීම ඒ සඳහා පවතින කාලගුණු තත්ත්වය ප්රබල සාක්ෂියකි.
රටේ සාමාන්ය අකුණු විහිදුම් ඝනත්වය වර්ග කිලෝමීටරයකට වසරකට 8.26ක් වන අතර අප්රේල් මාසයේදී එය 31.33ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ 2023 වාර්ෂික වාර්තාව අනුව එම වසරේදී අකුණු අනතුරු 281ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 20 දෙනකු මියගොස් 9 දෙනකු තුවාල ලබා තිබේ. නිවාස දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 525කට අර්ධ හානි සිදුව ඇත.
දිස්ත්රික් මට්ටමින් සැලකීමේදී 1974–2019 කාලයේ වැඩිම අකුණු මරණ සංඛ්යාව වන 47ක් රත්නපුර දිස්ත්රික්කයෙන් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්රික්කයෙන් මරණ 43ක් වාර්තා වී තිබේ.

