2032 දී ඩොලර් බිලියන 15 පන්නන බවට මහ බැංකු ප්‍රක්ෂේපණ

මහ බැංකුවෙන් රජයට රුපියල් බිලියන 44,985 ක්!

කොටස් වෙළඳ පොළෙන් බිලියන 280 ක් ඉවතට; SMEs 350,000 කඩා වැටෙයි – රවි කියයි!

රට සතුව පවතින නිල විදේශ මුදල් සහ රත්රන් තොගයේ එකතුව (මෙරට දළ නිල සංචිත ප්‍රමාණය) 2026 අගෝස්තු වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.9 (ආනයන මාස 3.4) දක්වා ඉහළ ගොස් ඇති අතර, 2032 වන විට එය ඩොලර් බිලියන 15 ඉක්මවනු ඇතැයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.

එසේම 2025.12.31 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 44,985.19 ක මුදලක් මහ බැංකුව විසින් රජයට ලබා දී ඇත.

2022: ජූනි ඩොලර් බිලියන 1.85, දෙසැම්බර් 1.90  

2023: ජූනි බිලියන 3.72, දෙසැම්බර් 4.39  

2024: ජූනි බිලියන 5.65, දෙසැම්බර් 6.12  

2025: ජූනි බිලියන 6.08, දෙසැම්බර් 6.84  

2026: ජූනි බිලියන 6.46 (මාස 3.2), අගෝස්තු 6.90 (මාස 3.4)

මාස 6 ශුද්ධ මිලදී ගැනීම් ලෙස 2022 ජූනි (-ඩොලර් බිලියන 0.64) සිට 2026 ජූනි හි ඩොලර් බිලියන 0.56 දක්වා සටහන් වේ.

IMF ප්‍රක්ෂේපණ අනුව සංචිත 2026 දී ඩොලර් මිලියන 8,644, 2027 දී 11,779, 2028 දී 13,339 සහ 2029 දී 14,474 කි. නිල ඉලක්කය ශුද්ධ ජාත්‍යන්තර සංචිත (NIR) ඩොලර් මිලියන 944 ක් පවත්වා ගැනීමයි. 2026 මැයි වන විට Forex Swaps ප්‍රමාණය ඩොලර් බිලියන 4.1 කි (ජාත්‍යන්තර 1.8 සහ දේශීය 2.3).කි.

මෙහිදී අදහස් දැක්වූ රවි කරුණානායක මහතා පෙන්වා දුන්නේ කොටස් වෙළඳ පොළෙන් රුපියල් බිලියන 280 ක් ඉවත් වී, වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 324 කින් පහත වැටී ඇති බවයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) 350,000 කට වඩා කඩා වැටී ඇති අතර, 32% ක බද්ද හමුවේ ආයෝජන රැකීමට දේශපාලන වර්ණවලින් තොරව එකතු විය යුතු බව ඔහු පැවසීය.  

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රුපියලේ 0.6% ක පමණ ක්‍රමික අවප්‍රමාණය වීම පාලනය කරගත හැකි මට්ටමක පවතින බවත්, මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් රජය නිසි පියවර ගන්නා බවත්ය.

Share.
Leave A Reply