අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) පූර්ණ අනුමැතිය හිමිවෙයි. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ මෙම කාරක සභාවේදී රටේ දූෂණ විරෝධී වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා වැදගත් තීරණ කිහිපයක්ම ගෙන ඇත.
මුදල් අමාත්‍යාංශයේ බාධා ඉවතට – ස්වාධීනත්වයට මුල් තැන:
නව දූෂණ විරෝධී පනත අනුව කොමිසමේ අයවැය මින්පසු සෘජුවම කථානායකවරයා වෙත ඉදිරිපත් කෙරේ.
සාමාන්‍ය රාජ්‍ය ආයතනවලට බලපාන භාණ්ඩාගාර චක්‍රලේඛ මගින් කොමිසමේ ස්වාධීනත්වයට හානි වීමට ඉඩ නොතබන බවට අවධාරණය කෙරිණි.
කොමිෂන් සභාපතිවරයාගේ වැටුප සහ දීමනා, අභියාචනාධිකරණ සභාපතිවරයාගේ වැටුපට හා දීමනාවලට සමාන කිරීමට තීරණය කර ඇත.
මෙහෙයුම් පුළුල් කිරීම සහ නව පියවර:
නව බඳවා ගැනීම්: කොමිසමේ කටයුතු කාර්යක්ෂම කිරීමට 971 දෙනෙකුගෙන් යුත් නව කාර්ය මණ්ඩලයක් බඳවා ගැනේ.
ප්‍රාදේශීය කාර්යාල 23 ක්: 2026 දෙසැම්බර් 31ට පෙර දිවයින පුරා ප්‍රාදේශීය කාර්යාල 23ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
වත්කම් බැරකම් ප්‍රමාද දඩ: වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම ප්‍රමාද කළ 34,000කට අධික පිරිසගෙන් අයකරගන්නා දඩ මුදල් කෙලින්ම කොමිසමේ අරමුදලට බැර කිරීමට නියමිතයි.
නව තාක්ෂණික උපකරණ: ජපාන රජයේ USD මිලියන 2.5 ක ප්‍රදානයක් යටතේ රුපියල් මිලියන 109 ක තාක්ෂණික උපකරණ ප්‍රාදේශීය කාර්යාල වෙත ලබාදීමට කටයුතු යොදා ඇත.

