සජබ සහ දක්ෂිණාංශයේ බංකොලොත් මතවාදවලට ඉඩ නොදෙන බවට කොමියුනිස්ට් පක්ෂයෙන් ප්‍රබල අභියෝගයක්!
ඉතිහාසයේ කුණු කූඩයට වැටුණු දක්ෂිණාංශික පක්ෂ හා මතවාද කරගහගෙන ආපසු බලයට එන්න හදනවා නම් ඒකට ඉඩ තබන්නේ නැති බවත් අපේ උපරිම ශක්තිය යොදලා ඒ දක්ෂිණාංශික බලවේග සමඟින් සජබ පරාජය කරන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ පවසයි.
ලංකාවේ සියළුම දක්ෂිණාංශික පක්ෂවලට මෙම දේශපාලන අභියෝගය එල්ල කරන බව ද කීය.
විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව සමස්ත විපක්ෂය එක්ව සංවිධානය කිරීමට තිබූ ඒකාබද්ධ විරෝධතාවය, සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් දැක්වූ අහංකාර ප්‍රකාශ සහ නොහොබිනා හැසිරීම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බව ඔහු කීය.
විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනතට එරෙහිව පාර්ලිමේන්තුව තුළත් පිටතත් විරෝධය පෑමට සියලු විපක්ෂ කණ්ඩායම් සුදානම් වූ නමුදු මේ විරෝධය දක්වන්නේ අපි විතරයි. ඕන නම් එජාපයට යන්න. පොඩි කණ්ඩායම් මෙතැනට අවශ්‍ය නැහැ යනුවෙන් සජබ සමහර නායකයින් කළ වියවුල් ප්‍රකාශ නිසා ඒකාබද්ධ විරෝධතාවය කඩාකප්පල් වී අවසානයේ සජබය පමණක් හුදකලා වූ බව ද ඔහු පැවසීය.
සජබය ඇතුළු දක්ෂිණාංශික බලවේග වෙත දැඩි ප්‍රහාරයක් ඔහු එල්ල කළේය.
1978 සිට රටට හඳුන්වා දුන් නව ලිබරල්වාදී ආර්ථිකය, බහුභූත ව්‍යවස්ථාව, පාතාලයට හා මුදලාලිලාට රාජ්‍ය බලය විවෘත කළ මැතිවරණ ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය හරහා මුළු රටම විනාශ කළේ මෙම දක්ෂිණාංශික දේශපාලන පක්ෂ බව ද හෙතෙම කීය.

