රජයට එරෙහිව නැගී සිටින ජනතාව අධිකරණයට ඉදිරිපත් නොකර රඳවා තබා ගැනීමේ අරමුණින් නව පනතක් සම්මත කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට සර්වජන බලය මහ ලේකම් නීතිඥ රංජන් සෙනවිරත්න මහතා චෝදනා කරයි.  

වැඩිදුරටත් දැක්වූ හෙතෙම මෙසේ කීය. ජන විරෝධතා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථ කථනය කිරීම සිදු කරන බව ද කීය.

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට නියමිත නව පනත මගින්, පවතින දැඩි ආර්ථික පීඩනය නිසා ජනතාව පාරට බැස්සහොත් එම ජන අරගල “ත්‍රස්තවාදී ක්‍රියා” ලෙස හමුදා/පොලිස් බලතල යොදා ගනිමින් මර්දනය කිරීමට රජය සැලසුම් කරමින් සිටින බවත් හෙතෙම කීය.

අධිකරණය මගහැර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ද අදහස් පල කළේ ය.

මෙම පනත හරහා නඩු නොදමා Detention Order (DO) මගින් රජයට එරෙහි වන පුද්ගලයින් සිරගත කිරීමට අවස්ථාව සැලසෙන බවත් උච්චතම ස්ථානයකට පැමිණි ආර්ථික පීඩනය ට විරැකියා අනුපාතය සියයට 4 දක්වාත්, උද්ධමනය සියයට 8 දක්වාත් ඉහළ ගොස් ඇති අතර ජනතාවට ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවා ගැනීමට පවා නොහැකි වී ඇති බව ද ඔහු කීය.  

පසුගිය මාස 5 ඇතුළත පමණක් මෙරට ජනතාව රුපියල් කෝටි 15,000කට අධික වටිනාකමකින් යුත් රත්තරන් බඩු උගස් තබා ඇති බවත්, එයින් ජනතාව මුහුණ දී සිටින අතිශය දැඩි ජීවන අර්බුදය පැහැදිලි වන බවත් හෙතෙම පැහැදිලි කළේ ය.  

නොමිලේ සෞඛ්‍ය සේවය ගැන පම්පෝරි ගැසුවද, හම්බේගමුව රෝහලෙන් ප්ලාස්ටර්/බැන්ඩේජ් පවා ගෙදරින් ගෙනෙන ලෙස ඉල්ලන තරමටත්, මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග ඉල්ලන තරමටත් රෝහල් පද්ධතිය අඩපණ වී ඇති බවත් ඔහු කීය.

රජය විසින් සිදු කරන මෙවැනි බොරු සංදර්ශන වහා නතර කර, අගතියට පත්ව සිටින මහජනතාවගේ සැබෑ ආර්ථික හා සමාජීය ප්‍රශ්නවලට වහාම විසඳුම් ලබා දෙන ලෙස සර්වජන බලය මහ ලේකම්වරයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කළේය.

Share.
Leave A Reply