විප්ලවීය වෙනසක්! වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල මට්ටමට!
තක්සේරුව වෙනස් වෙයි! තරුණ තරුණියන්ට සුපිරි ආරංචියක්!
“නූතන තරුණයන්ට ආකර්ෂණීය වන, ඉගෙනීමට මෙන්ම රැඳී සිටීමටත් කැමැත්තක් ඇති වන පරිසරයක් සහිත වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන බිහිකිරීම අත්‍යවශ්‍යයි!”නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කියයි!
රට පුරා පිහිටි වෘත්තීය අධ්‍යාපන ආයතන, නිකම්ම නිකම් පාඨමාලා දෙන තැන් නෙවෙයි — නවීන පහසුකම්වලින් පිරුණු, විශ්වවිද්‍යාල මට්ටමේ ආකර්ෂණීය ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වෙයි!
මොකක්ද මේ වෙන්න යන්නේ?
සෑම කොට්ඨාසයකටම: සෑම අධ්‍යාපන කොට්ඨාසයකටම උසස් ප්‍රමිතියෙන් යුත් වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානයක්!
සුපිරි පරිසරයක්: ඉගෙනීමට විතරක් නෙවෙයි, රැඳී සිටීමටත් ආස හිතෙන දැකුම්කලු, නවීන පරිසරයක් සහ බාහිර ක්‍රියාකාරකම්!
සෘජු මැදිහත්වීම: ආයතනවල ගැටලු සහ පුරප්පාඩු විසඳන්න සෑම ආයතනයකම “ආයතන සංවර්ධන කමිටු” පිහිටුවයි!

