බෙංගාල බොක්කේ ‘ඔර්නබ්’ සුළි කුණාටුව නිසා දිවයිනට තද වැසි සහ ගංවතුර අවදානමක්!

බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වූ “ඔර්නබ්” (Arnab) ඉතා ප්‍රබල සුළි කුණාටුවේ බලපෑමෙන් ඇදී එන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වර්ෂාපතනයක් සහ ගංවතුර අවදානම් තත්ත්වයක් හටගෙන තිබේ.   ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) නවතම වාර්තාවන්ට අනුව, දිස්ත්‍රික්ක 12 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 59 ක පවුල් 3,162 කට අයත් පුද්ගලයින් 12,032 දෙනෙකු බලපෑමට ලක්ව ඇත.

මාදම්පේ ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර, එක් අයෙකු තුවාල ලබා තිබේ. 

ප්‍රධාන ගංඟා ද්‍රෝණි රැසකට ගංවතුර අනතුරු ඇඟවීම් (Amber Alert)වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කැළණි, කළු, ගිං, මහවැලි සහ අත්තනගලු ඔය යන ද්‍රෝණි සඳහා ඉදිරි පැය 24 කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත:  

කැළණි ගඟ ද්‍රෝණිය: රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට, සහ බුලත්කොහුපිටිය පහත්බිම් ප්‍රදේශ. (තවදුරටත් වැසි ලැබුණහොත් හංවැල්ලෙන් පහළ ප්‍රදේශවලටද බලපෑම් ඇතිවිය හැක).   කළු ගඟ ද්‍රෝණිය: රත්නපුර (පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇලපාත) සහ කළුතර (ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල, පාලින්දනුවර).   ගිං ගඟ ද්‍රෝණිය: තවලම, නාගොඩ, බද්දේගම, සහ වැලිවිටිය-දිවිතුර පහත්බිම්.  

අත්තනගලු ඔය ද්‍රෝණිය: දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන, සහ වත්තල පහත්බිම්.   නායයෑම් සහ ප්‍රවාහන බාධානායයෑම් රතු නිවේදන (ඉවත්වන්න): රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත.   දුම්රිය ධාවනය: ගම්පොළ සිට නානුඔය දක්වා සහ පේරාදෙණිය සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.  

ජලාශ වාන් දොරටු: දැදුරු ඔය, රාජාංගනය, කුකුළේගම, කලා වැව ඇතුළු ප්‍රධාන ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති අතර ලක්ෂපාන, නෝර්ටන් සහ කැනියොන් ජලාශ පිටාර ගලමින් පවතී.  

ආපදා සහන මෙහෙයුම්දැනට පවුල් 99 ක පුද්ගලයින් 304 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 8 ක රඳවා ඇති අතර, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් බෝට්ටු හා අඟුල් යොදවමින් මුදවා ගැනීමේ සහ සහන මෙහෙයුම්වල නිරතව සිටී. 

 මහජනතාවට විශේෂ උපදෙස්: ගංඟා දෙපස සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් ද දැඩි විමසිල්ලෙන් හා ආරක්ෂිතව කටයුතු කරන ලෙසත්, හදිසි තත්ත්වයකදී 117 අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධ කර ගන්නා ලෙසත් දැනුම් දෙනු ලැබේ.

Share.
Leave A Reply