ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය තීරණය කරන තීරණාත්මක තෙවන අන්‍යෝන්‍ය ඇගයීමට (3rd Mutual Evaluation) මුහුණ දීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමාලෝචනයක්!

ප්‍රධාන දත්ත සහ කරුණු:

නිර්දේශ 40ක්: මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF) හඳුන්වා දුන් තාක්ෂණික අනුකූලතා නිර්දේශ 40ක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මැන බලයි.

ආසන්න ප්‍රතිඵල 11ක්: අදාළ නිර්දේශ ක්‍රියාවට නැංවීමේ සඵලදායීතාව මැනීමට ආසන්න ප්‍රතිඵල (Immediate Outcomes) 11ක් පරීක්ෂාවට.

ආයතන 25ක එකමුතුව: මෙම ජාතික ක්‍රියාවලිය සඳහා දේශීය පාර්ශ්වකාර රාජ්‍ය ආයතන 25ක් එකමුතුව කටයුතු කරයි.

වසර 2ක සූදානම: 2023 සිට ආරම්භ වූ සූදානම පසුගිය වසර දෙක තුළ දැඩි කාලරාමුවක් යටතේ තීව්‍ර කර ඇත.

ක්ෂේත්‍ර නිරීක්ෂණ: මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ (APG) ක්ෂේත්‍ර නිරීක්ෂණ මෙහෙයුම් මේ වසරේදී සිදු කිරීමට නියමිතයි.

විශේෂ අවධානය:

Online Gambling: මාර්ගගත සූදුව නැවැත්වීමට අදාළ නීති සම්පාදනයේ වත්මන් තත්ත්වය විමසා බැලීම.

අපරාධයකින් උත්පාදිත දේපළ කළමනාකරණ අධිකාරිය: අධිකාරිය පිහිටුවීමේ කටයුතු අවසන්; දැනට කාර්යමණ්ඩල බඳවා ගැනීම් සිදු කෙරේ.

රටේ මූල්‍ය විනිවිදභාවය සහ ජාත්‍යන්තර පිලිගැනීම වෙනුවෙන් සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශවල මනා සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Share.
Leave A Reply