මෙරට ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ඉන්දියාවෙන් හදිසි කෘමිනාශක ලීටර් 500ක පරිත්‍යාගයක්!
මෙරට තුළ ඩෙංගු රෝගීන් 88,000ක් වාර්තා වී මරණ 60කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. පවතින අයහපත් කාලගුණයත් සමඟ රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ප්‍රධාන අභියෝග: 🔹 ඩෙංගු මදුරුවන් සාමාන්‍ය කෘමිනාශකවලට ප්‍රතිරෝධීතාවක් දක්වීම. 🔹 මෙරට තුළ මැලතියන් කෘමිනාශක හිඟයක් පැවැතීම.
මෙම හදිසි අර්බුදයට පිළියම් ලෙස, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ඉන්දීය රජය විසින් තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් (Technical Grade Malathion) ලීටර් 500ක් අද (04) පරිත්‍යාග කරන ලදී.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙම තොගය භාර දුන් අතර, අධි-අවදානම් ප්‍රදේශවල මදුරුවන් විනාශ කිරීමේ විශේෂ ධූමායන (Fogging) කටයුතු සඳහා මේවා වහාම යොදා ගැනේ.

