ජනතාවට කඩිනමින් යුක්තිය ඉටු කිරීමේ අරමුණින්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ යටිතල පහසුකම් හා තාක්ෂණය ඉහළ නැංවීමට රජය දැවැන්ත පියවර රැසක් ගෙන තිබේ. 2026 ප්‍රගතිය සමාලෝචනය කරමින් සහ 2027 අයවැය යෝජනා මුල් කරගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවේදී අනාවරණය වූ ප්‍රධාන සංඛ්‍යාත්මක දත්ත සහ තීරණ මෙන්න:

මිලියන 5,627ක දැවැන්තම වෙන් කිරීම – බන්ධනාගාර දෙපාර්තමේන්තුවට

අමාත්‍යාංශය යටතේ වැඩිම ප්‍රාග්ධන වියදම වන රුපියල් මිලියන 5,627ක ප්‍රතිපාදන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වෙන් කර ඇත.

ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය, නවීන තාක්ෂණික උපකරණ, මෘදුකාංග පද්ධති සංවර්ධනය සහ නිලධාරීන්ගේ පහසුකම් නැංවීම මින් සිදු වේ.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට මිලියන 700+ ක් හා මසකට වාර්තා 9,000ක ඉලක්කයක්

රුපියල් මිලියන 635 සිට 701 දක්වා ඉහළ යන ප්‍රතිපාදන යටතේ නව විද්‍යාගාර උපකරණ අගෝස්තු මාසයේදී ලැබීමට නියමිතයි.

මාසිකව ලබා දෙන රස පරීක්ෂක වාර්තා සංඛ්‍යාව 9,000 දක්වා ඉහළ නංවා ගැනීමට සැලසුම් කර ඇත.

නීතිපති සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තු සඳහා මිලියන 117ක්

නීතිපති දෙපාර්තමේන්තුවේ මිලියන 79ක සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ මිලියන 38ක ව්‍යාපෘති ක්‍රියාත්මකයි.

පවතින නීති සංශෝධන කඩිනම් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හා තාක්ෂණය වහා වර්ධනය කෙරේ.

අතරමග නැවතුණු යටිතල පහසුකම් නැවත ඇරඹේ

2022 ආර්ථික අර්බුදය හමුවේ ඇණහිටි විනිසුරු නිල නිවාස ඉදිකිරීම් නැවත ආරම්භ වේ.

කොළඹ, අලුත්කඩේ, ගාල්ල, මාතලේ සහ කන්තලේ ඇතුළු නව අධිකරණ සංකීර්ණවල ඉදිකිරීම් කඩිනම් කිරීමට උපදෙස්!

විශේෂ සංශෝධන හා තීරණ:

ප්‍රසම්පාදන ක්‍රියාවලිය: ඩිජිටල්, සෞඛ්‍ය හා ආරක්ෂක ක්ෂේත්‍ර සඳහා ක්‍රියාත්මක වන පරිදි වෙනම ප්‍රසම්පාදන ක්‍රියාවලියක්!

ඒකාබද්ධ පුනරුත්ථාපනය: පොලීසිය, සෞඛ්‍ය හා සමාජ සේවා යටතේ ඇති සියලු පුනරුත්ථාපන වැඩසටහන් එක් ආයතනයක් යටතට ගන්නා හැටියටත් ජනපති තීරණ ය කළේ ය.

Share.
Leave A Reply