දිවයින පුරා සිටින තරුණ සේවා නිලධාරීන් මහරගම ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලයට කැඳවා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම (02දා) අද සිදු විය. තරුණ සේවා නිලධාරීන් මෙන්ම පළාත් අධ්‍යක්ෂකවරු, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරු, සෑම දිස්ත්‍රික්කයකම නිස්කෝ තරුණ සමූපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරු සහ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් ක්‍රියාකාරී තරුණ සාමාජිකයෙකු සාමාජිකාවක් ද මෙම හමුව සඳහා කැඳවීය.
එහිදී ජාතික තරුණ සේවා සභාව මගින් සිදු කරන ව්‍යාපෘති පිළිබඳව සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ තරුණ කටයුතු අංශය හා ජාතික යොවුන් සේනාංකය මගින් සිදු කරන ව්‍යාපෘති පිළිබඳව ද තරුණ සේවා නිලධාරීන්ව දැනුවත් කිරීම සිදු කෙරුණි.
මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණේ ප්‍රාදේශීය මට්ටමේ සිට සිදු කරන ව්‍යාපෘති පිළිබඳවයි. විශේෂයෙන්ම මෙවර ප්‍රථම වතාවට ප්‍රාදේශීය මට්ටමේ සිට සිදු කෙරෙන යෞවන නාට්‍ය උළෙල, යෞවන සම්මාන උළෙල පිළිබඳව දැනුවත් කිරීම සහ සඳහා තරුණ තරුණියන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.
එමෙන්ම ඉදිරියේදී යෞවන සමාජ ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු ආරම්භ කරන බැවින් ඒ පිළිබඳවද ඔවුන්ව දැනුවත් කිරීම ද සිදු කෙරුණි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කළේ , ජාතික මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන තරුණ සංවර්ධන ව්‍යාපෘති ග්‍රාමීය තරුණ ප්‍රජාව අතරට ගෙන යාමේ වගකීම තරුණ සේවා නිලධාරීන් සතු බවයි. එය නිවැරදිව හඳුනා ගනිමින් තමන්ගේ වගකීම ඉටු කරමින්, මෙරට තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමේ කාර්යයට දායක වන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා තරුණ සේවා නිලධාරීන් හමුවේ පැවසීය.
අඩු ආදායම්ලාභී තරුණ ලේඛක ලේඛිකාවන්ගේ ප්‍රථම කෘතිය මුද්‍රණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සිහිනයට පියාපත් ව්‍යාපෘතිය, ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීම සහ තරුණ සංවර්ධනය පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් එක්ව සිටියහ.
මෙම ප්‍රවෘත්තිය ඔබගේ මාධ්‍ය මගින් ප්‍රචාරය කර දෙන ලෙස ඉල්ලා සිටිමු. අපගේ මාධ්‍ය කටයුතු වෙනුවෙන් ඔබ දක්වන සහයෝගයට ස්තුතියි. මෙම අවස්ථාවට අදාළ ඡායාරූප මේ සමග යොමු කර ඇත.

