‘Infinity Rover’ ඇතුළු ඇප් සහ ආයතන රැසකට වැට බඳී: ප්‍රවර්ධනය කරන්නන්ටත් වසර 3ක සිරදඬුවම්!

මහා පරිමාණ නීතිවිරෝධී පිරමීඩ ජාල සහ ජංගම දුරකථන යෙදවුම් 25ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් තහනම් කර තිබේ.

අලුතින්ම අනාවරණය කරගත් “Infinity Rover (Pvt) Ltd” ඇතුළු, මින් පෙර සමාජය කැළඹූ OnmaxDT, MTFE, Qnet, Fruugo, SGO, Best Life සහ Global Lifestyle වැනි ආයතන හා ඇප්ස් 25ක් මෙම තහනම් ලැයිස්තුවට ඇතුළත් වේ.

සමාගම් රෙජිස්ට්‍රාර් සහතික පෙන්වමින් Facebook, TikTok සහ Telegram හරහා ව්‍යාජ සුඛෝපභෝගී ජීවිත ප්‍රදර්ශනය කරමින් මොවුන් මෙම මූල්‍ය මංකොල්ලය සිදුකර ඇති බව හෙළි වී තිබේ.

මහ බැංකුව අවධාරණය කරන්නේ මෙම පිරමීඩ ජාල මෙහෙයවීම පමණක් නොව ඒවා සෘජුව හෝ වක්‍රව ප්‍රවර්ධනය කිරීම, සාමාජිකයන් බඳවා ගැනීම හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම ද දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතළ සාපරාධී වරදක් වන බවයි.

එවැනි වැරදිකරුවන්ට වසර 3කට නොඅඩු බන්ධනාගාරගත කිරීමක් සහ දැඩි දඩ මුදල් පැනවීමට අධිකරණයට බලය ඇත.

තමන්ගේ මහන්සි මුදල් මෙවැනි වංචනිකයන්ට හසු නොකරන ලෙසත් මෙම ආයතනවල මුදල් ආයෝජනය කිරීමෙන් වහාම වළකින ලෙසත් මහ බැංකුව මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.

@ තහනම් කර ඇති සමස්ත ලැයිස්තුව:

Infinity Rover (Pvt) Ltd (අලුතින්ම අනාවරණය කරගත් වංචාව)

OnmaxDT

MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group

Qnet / Questnet

Tiens Lanka Health Care (Pvt) Ltd

Best Life International (Pvt) Ltd

Mark – Wo International (Pvt) Ltd

V M L International (Pvt) Ltd

Global Lifestyle Lanka (Pvt) Ltd

Fast3Cycle International (Pvt) Ltd

Sport Chain app, Sport Chain zs society Sri Lanka

Fastwin (Pvt) Ltd

Fruugo Online App / Fruugo Online (Pvt) Ltd

Ride to Three Freedom (Pvt) Ltd

Era Miracle (Pvt) Ltd. And Genesis Business School

Ledger Block

Isimaga International (Pvt) Ltd

Beecoin App and Sunbird Foundation

Windex Trading

The Enrich Life (Pvt) Ltd

Smart Win Entrepreneur (Pvt) Ltd

Net Fore International (Pvt) Ltd / Netrrix

Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd

SGO / sgomine.com

I.C.A.N Advertising (Pvt) Ltd (සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org) වේ.

Share.
Leave A Reply