@@@ ඔරොත්තු දීම හා සියලු දෙනා ඇතුළත් ආර්ථික අවස්ථාවන් ප්රවර්ධනය කිරීමේ සාර්ව ප්රතිසාධන ආංශික සංවර්ධන වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙතින් මූල්ය පහසුකම් ලබා ගැනීම
ජාත්යන්තර මුල්ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහනට සමගාමීව ශ්රී ලංකාවේ ප්රතිසංස්කරණ න්යාය පත්රය ඉදිරියට ගෙන යාම පිණිස උප වැඩ සටහන් 05 ක් යටතේ ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක ප්රතිපත්ති පාදක ණය ලබා ගැනීමටත්, ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ණය සාකච්ඡා පැවැත්වීමටත් 2026-03-16 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
එම ණය මුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් යොදා ගනිමින්, ඔරොත්තු දීම හා සියලු දෙනා ඇතුළත් ආර්ථික අවස්ථාවන් ප්රවර්ධනය කිරීමේ සාර්ව ප්රතිසාධන ආංශික සංවර්ධන වැඩසටහන ක්රියාත්මක කිරීම පිණිස 2026-09-07 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එකී ණය මුදල ලබා ගැනීමට අදාළව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව සමඟ විධිමත් ණය සාකච්ඡා පවත්වා අවසන් කර තිබේ.
ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ නිත්ය සාමාන්ය ප්රාග්ධන සම්පත් මඟින් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක් වූ ප්රතිපත්තිපාදක ණය සංරචකයකින් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් වූ ආයෝජන ණය සංරචකයකින් සමන්විත එකී ණය මුදල ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුම් ගත වීම පිණිස මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
@@@@ රාජ්ය ව්යවසායයන්හි සාමූහික ගිවිසුම් සඳහා කාර්ය සාධනය හා තිරසරභාවය පදනම් කරගත් රාමුව
රාජ්ය ව්යවසායයන්හි දැනට ක්රියාත්මක සාමූහික ගිවිසුම්, පවතින නියමයන් සහ කොන්දේසි යටතේම 2026-12-31 දින දක්වා දීර්ඝ කිරීමටත්, 2027-01-01 දින සිට ක්රියාත්මක කිරීම සඳහා නව සංශෝධිත රාමුවක් සකස් කිරීමටත්, පවතින සාමූහික ගිවිසුම් යාන්ත්රණය සමාලෝචනය කර එකී සංශෝධිත රාමුව සකස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමටත් 2026-05-11 දින පැවැති අමාත්ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව, භාණ්ඩාගාරයේ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව විසින් අදාළ පාර්ශ්වයන් ද විමසමින් ‘ රාජ්ය ව්යවසායයන්හි සාමූහික ගිවිසුම් සඳහා කාර්ය සාධනය හා තිරසරභාවය පදනම් කර ගත් රාමුව ‘ මැයෙන් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. කාර්මික ආරවුල් පනත, වෘත්තීය සමිති ආඥාපනත, සාප්පු හා කාර්යාල සේවක නීති සහ අනෙකුත් අදාළ කම්කරු නීති වලට යටත්ව රාජ්ය ව්යවසායයන්හි සාමූහික ගිවිසුම් ක්රියාත්මක කිරීම එමඟින් නිර්දේශ කර ඇති අතර, ලාභ බෙදා හැරීම් සහ ප්රසාද දීමනා රාමුව සම්බන්ධයෙන් ද නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඒ අනුව, රාජ්ය ව්යවසායයන්හි සාමූහික ගිවිසුම් ක්රම වේදයට අදාළ එකී නව ප්රතිපත්ති රාමුව 2027-01-01 දින සිට ක්රියාත්මක කිරීම පිණිස මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
@@@@ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන (MWSIP) – 2 වන අදියර සඳහා ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) වෙතින් අරමුදල් සලසා ගැනීම
වියළි කලාපීය ප්රදේශ වල ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම, ජල සම්පත් කළමනා කරණය ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සහ දරිද්රතාව අවම කිරීම යන රජයේ දිගුකාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ 2 වන අදියර ක්රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, එම අදියර යටතේ පහත සඳහන් කාර්යයන් නිම කිරීමට අපේක්ෂා කරනු ලබයි:
@@@@ කිලෝමීටර 07 ක් පමණ දිග උමං කැණිම සහ ඊට අදාළ නිම කිරීමේ කටයුතු ඇතුළුව ප්රධාන උමං මාර්ගයේ ඉතිරි කොටස සම්පුර්ණ කිරීම.
සම්පුර්ණ දිග කිලෝමිටර 68 ක් පමණ වන විවෘත හා ආවරණය කරන ලද ඇළ මාර්ග, ජල මාර්ග සහ කුඩා උමං කොටස් ඉදි කිරීම.
ඇල්ලපොකාන වාරිමාර්ග ව්යාපෘති ඇළ මාර්ගයේ කිලෝමීටර 8 ක පමණ කොටසක් ඉදි කිරීම.
ඉහළ වටිනාකමක් සහිත බෝග සහ ක්ෂේත්ර බෝග සඳහා විශ්වසනීයව හා කාර්යක්ෂමව වාරි ජලය සැපයීම පිණිස පීඩන බෙදා හැරීමේ ජාල 13 ක් පමණ සංවර්ධනය කිරීම සඳහා වාණිජ කෘෂිකාර්මික සංවර්ධන යටිතල පහසුකම් ස්ථාපිත කිරීම.
@@@ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන අගය දාම හඳුන්වා දීම සහ ගොවීන් සඳහා මූල්ය සේවා හා කෘෂිකාර්මික ව්යාපෘති සේවා වෙත ප්රවේශය පුළුල් කිරීම හරහා කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධති පරිවර්තනය කිරීම.
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ 2 වන අදියර සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 536.5 ක් වන බැවින් බහු සංවර්ධන හවුල්කරුවන් සමඟ සම – මූල්ය කරණ ක්රමවේදයක් යටතේ අදාළ අරමුදල් සපයා ගැනීමට යෝජනා වී තිබේ. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම ව්යාපෘතිය සඳහා දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක අරමුදල් සලසා දීමට එකඟතාව පළ කර ඇත. යෝජිත සම – මූල්ය කරණ විධි විධානයේ කොටසක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක අරමුදල් සපයා ගැනීම සඳහා ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) සමඟ සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස 2026-07-20 දින පැවති අමාත්ය මණ්ඩල රැස් වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී සම්මුති සාකච්ඡා වලින් පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 48 ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ක් වූ ණය සංරචක දෙකකින් සමන්විත ණය පහසුකමක් ලබා දීමට ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව, එකී ව්යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක ණය පහසුකමක් ලබා ගැනීම පිණිස ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල සමඟ ගිවිසුමකට එළඹීමට මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
@@@@ 19 වන ලෝක වෘත්තීය සමිති සම්මේලනය 2027 – 05 – 13 දින සිට 2027-05-15 දින දක්වා ශ්රී ලංකාවේදී පැවැත්වීම
ලෝක වෘත්තීය සමිති සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන 19 වන ලෝක වෘත්තීය සමිති සම්මේලනය 2027-05-13 දින සිට 2027-05-15 දින දක්වා කොළඹදී පැවැත්වීමට තීරණය කරනු ලැබ ඇත. ශ්රී ලංකාවේ සක්රීය වෘත්තීය සමිති ක්ෂේත්රය සහ උපායමාර්ගික පිහිටීම සලකා බලා ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මණ්ඩලය විසින් එම සම්මේලනයේ මෙවර සත්කාරකත්වය ශ්රී ලංකාවට පවරා තිබේ.
ලොව පුරා ක්රියාත්මක වෘත්තීය සමිති නියෝජනය කරමින් රටවල් 130 කට ආසන්න ප්රමාණයකින් නියෝජිතයන් 800ක් පමණ එම සමුළුවට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, 19 වන ලෝක වෘත්තීය සමිති සම්මේලනය 2027 -05-13 දින සිට 2027-05-15 දින දක්වා කොළඹ දී පැවැත්වීම සඳහා ශ්රී ලංකාව විසින් සත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් කම්කරු අමාත්යතුමා විසින් අමාත්ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ අනුව ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස අමාත්ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.
@@@@ වෘත්තීය පුහුණු හා ශිෂ්ය හුවමාරු වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම
කම්කරු අමාත්යාංශය යටතේ ක්රියාත්මක ජාතික වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්ය ආයතනය, වෘත්තීය පුහුණු හා ශිෂ්ය හුවමාරු වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා කොරියානු ජන රජයේ වැංෂින් විශ්ව විද්යාලය සමඟ 2023 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇති අතර, එම ගිවිසුමෙහි ඇතැම් විධිවිධාන සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු හේතුවෙන් මෙතෙක් එකී අවබෝධතා ගිවිසුම ක්රියාත්මක කිරීමට හැකි වී නොමැත. එබැවින්, පාර්ශ්වයන් අතර විධිමත් සම්බන්ධතාවක් ඇති කර ගැනීම සඳහා ප්රධාන පාර්ශ්ව 05 ක් සම්බන්ධ කර ගනිමින් නව අවබෝධතා ගිවිසුමක් සහ මෙහෙයුම් රාමුවක් සකස් කරනු ලැබ ඇත.
ඒ අනුව, ජාතික වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්ය ආයතනය හරහා තෝරා ගනු ලබන ශ්රී ලාංකික සිසුන්ට කොරියානු ජන රජයේ වැංෂින් විශ්ව විද්යාලයෙහි උසස් අධ්යාපනය ලබා ගැනීමට අවස්ථාව සැලසීමත්, අනතුරුව Gyeongsangnam-do පළාතේ පිහිටි කර්මාන්ත තුළ රැකියා අවස්ථා සහ එම පළාත තුළ දිගුකාලීන පදිංචි වීමේ අවස්ථා ලබා දීමත් අරමුණු කර ගනිමින් යෝජිත අවබෝධතා ගිවිසුම සකස් කර තිබේ. ශ්රී ලංකාවේ කම්කරු අමාත්යාංශය, ශ්රී ලංකාවේ ජාතික වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්ය ආයතනය, කොරියානු ජන රජයේ Gyeongsangnam-do පළාත, Sacheon වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ටැංෂින් (Changshin) විශ්ව විද්යාලය යන පාර්ශ්වයන් අතර එකී අවබෝධතා ගිවිසුමට සහ මෙහෙයුම් රාමුවට එළඹීම පිණිස කම්කරු අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
@@@@ වැවිලි ක්ෂේත්රයේ ඌන උපයෝජිත ඉඩම්/ දේපළ ප්රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයින් වෙත බදු පදනම මත ලබා දීම
ශ්රී ලංකා රාජ්ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන විසින් කළමනා කරණය කරනු ලබන ඌන උපයෝජිත ඉඩම්/දේපළ ප්රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයින් වෙත බදු පදනම මත ලබා දීම පිණිස උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්රකාශ කිරීම් කැඳවීම සඳහා මින් පෙර අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, පළමු අදියර යටතේ ඉඩම් හෙක්ටයාර 1,514ක්, සංචාරක බංගලා සහ සුන්දර ස්ථාන 10 ක් හා අක්රිය කර්මාන්ත ශාලා 15ක් සඳහා අභිලාෂ ප්රකාශ කිරීම කැඳවා ඇති අතර, ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් 470 ක් අභිලාෂ ප්රකාශ කිරීම් ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව, කෙටි ලැයිස්තුගත කරන ලද ආයෝජකයින් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවා ඇති අතර, ඉඩම්/දේපළ කොටස් 30කට අදාළව යෝජනා සඳහා වන ඉල්ලීම් 44ක් ලැබී ඇත.
එකී යෝජනා ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, ශ්රී ලංකා රාජ්ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම සතු ඉඩම්/දේපළ 15 ක් තෝරා ගත් ආයෝජකයින් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස වැවිලි සහ ප්රජා යටිතල පහසුකර්ම අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
@@@@ ගුවන් සේවා නිරුපද්රිතතාව සඳහා වන ජාතික වනජීවී උපද්රව කළමනා කරණ කමිටුව ස්ථාපනය කිරීම
ජාත්යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතියෙහි (චිකාගෝ සම්මුතිය) ගිවිසුම්ගත රාජ්යයක් වශයෙන් ශ්රී ලංකාව විසින් එම සම්මුතියේ විධිවිධාන පරිදි ගුවන් යානා සහ වනජීවී ගැටීම් උපද්රව අවම කර ගැනීම සඳහා අදාළ ප්රමිති සහ නිර්දේශිත පරිචයන් ක්රියාත්මක කරනු ලැබිය යුතු වේ. විශේෂයෙන්ම ජාත්යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතියේ 14 වන ඇමුණුමෙහි පළමු වන වෙළුමේ 9.4 ඡේදයට අනුව ජාතික ක්රියාපටිපාටියක් භාවිතයෙන් ගුවන් යානා සහ වනජීවී ගැටීම් සටහන් කර ගැනීම හා වාර්තා කිරීම, උවදුරු ඇති කළ හැකි වනජිවීන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සහ නිසි සුදුසුකම් ඇති අය විසින් කෙරෙන අඛණ්ඩ ඇගයීම මඟින් ගගන යාත්රාංගනයක හෝ ඒ ආසන්න ප්රදේශයක සිදුවන වනජීවී ගැටීම් උපද්රව තක් සේරු කළ යුතු වේ.
එසේම, වනජිවී ගැටීම් පිළිබඳ වාර්තා ජාත්යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතියේ පක්ෂීන් ගැටීම පිළිබඳ තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම සඳහා යොමු කළ යුතු වේ. ජාත්යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතියේ ආසියා සහ ශාන්තිකර කලාපය සඳහා වන මාර්ගෝපදේශ මඟින් මෙම කරුණට අදාළව ජාතික මට්ටමේ ක්රියාමාර්ග ගැනීමට පහසුකම් සැලසීම සඳහා වනජීවී උපද්රව කළමනා කරණ කමිටුවක් හෝ සංසදයක් පිහිටු වීමට හැකි වන පරිදි විධිවිධාන සලසා තිබේ. ඒ අනුව, සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාළව වනජීවී උපද්රව කළමනා කරණය සඳහා ජාතික සම්බන්ධීකරණ යාන්ත්රණය වශයෙන් අදාළ සියලු පාර්ශ්වකාර ආයතන නියෝජනය වන පරිදි ගුවන් සේවා නිරුපද්රිතතාව සඳහා වන ජාතික වනජී වී උපද්රව කළමනාකරණ කමිටුව ස්ථාපනය කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
@@@@ මීගමුව බන්ධනාගාරයේ 2026-07-05 සහ 06 දිනයන්හි සිදු වූ ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා වන්දි සහ සහන ලබා දීම
2026-07-05 සහ 06 දිනයන්හි මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් හේතුවෙන් එහි රාජකාරියේ යෙදී සිටියදී ජිවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරින් සඳහා වන්දි සහ සහන ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස 2026-08-03 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ ලේකම්ගේ ප්රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කරනු ලැබ ඇත. එකී නිලධාරි කමිටුව විසින් සිය නිර්දේශ සහිත වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යතුමා විසින් එම වාර්තාව අමාත්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලදුව, එකී වාර්තාවේ සඳහන් පහත නිර්දේශ ක්රියාත්මක කිරීම පිණිස අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.
(i) රාජ්ය පරිපාලන චක්රලේඛ අංක 22/93 හි විධිවිධාන යටතේ ගෙවනු ලබන වන්දිවලට අමතරව, පහත සඳහන් පරිදි විශේෂ වන්දි මුදලක් ගෙවීම:
ජීවිතක්ෂයට පත් වූ සෑම නිලධරයෙකුටම රුපියල් මිලියන 5ක් බැගින් වූ වන්දි මුදලක් ගෙවීම.
පුර්ණ ආබාධිත තත්ත්වයට පත් නිලධරයෙකුට රුපියල් මිලියන 5ක් වූ වන්දි මුදලක් ගෙවීම.
අර්ධ – ආබාධිත උපරිම ඉපයීමේ ශක්තිය ක්ෂය වීමේ ප්රතිශතය 100%ක් වූ තත්ත්වයට පත් වූ නිලධරයෙකුට රුපියල් මිලියන 4ක් වූ වන්දි මුදලක් ගෙවීම.
තාවකාලික අර්ධ – ආබාධිත තත්ත්වයට පත් වූ නිලධරයෙකුට රුපියල් මිලියන 3ක් වූ වන්දි මුදලක් ගෙවීම.
(ii) බන්ධනාගාර උපක්රමික බලකායට නෛතික තත්ත්වය ලබා දීමට හැකි වන පරිදි යෝග්ය විධිවිධාන ඇතුළත් කරමින් බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීම.
(iii) ප්රමාණවත් සහ සුදුසු නිලධාරීන් සංඛ්යාවක් බන්ධනාගාර උපක්රමික බලකායට බඳවා ගැනීම තුළින් එය ශක්තිමත් කිරීම.
(iv) බන්ධනාගාර උපක්රමික බලකාය සඳහා අදාළ ක්ෂේත්රයන්හි විධිමත් පුහුණුවක් ලබා දීම සහ අවශ්ය නවීන උපකරණ එම බලකාය වෙත ලබා දීම.
(v) බන්ධනාගාර උපක්රමික බලකා මූලස්ථානයක් සුදුසු ස්ථානයක පිහිටු වීමට පියවර ගැනීම.
@@@@ නෝර්වුඩ් – බොගවන්තලාව – කැම්පියන් මාර්ගයේ (B329) කිලෝමීටර 10+500 සිට කිලෝමීටර 16+890 දක්වා කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීම
දිගු කාලීනව අයහපත් කාලගුණික තත්ත්වයන්ට සහ ආපදා බලපෑම්වලට නිරාවරණය වීම හේතුවෙන් අබලන් වී ඇති නෝර්වුඩ් – බොගවන්තලාව – කැම්පියන් මාර්ගයේ (B329) කිලෝමීටර 10+500 සිට කිලෝමීටර 16+890 දක්වා කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීම පිණිස ජාතික තරගකාරි ප්රසම්පාදන ක්රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ අනුව, ඒ සඳහා ලංසු 03 ක් ඉදිරිපත් වී තිබේ. අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ප්රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූලව ප්රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Asset Engineering (Pvt) Limited වෙත රුපියල් මිලියන 756.99 ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට අදාළ කොන්ත්රාත්තුව ප්රදානය කිරීම පිණිස ප්රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
@@@@ නිෂ්පාදන ද්රව්ය (තේ) කැරැව්කරුවන් සඳහා බලපත්ර ලබා දීමේ සංශෝධන නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
2026-06-22 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී ලබා දී අනුමැතිය ප්රකාරව, 1979 අංක 9 දරන නිෂ්පාදන ද්රව්ය තැරැව් කරුවන්ට බලපත්ර දීමේ පනතේ විධි විධාන යටතේ සාදන ලද 1979 නිෂ්පාදන ද්රව්ය (තේ) තැරැව්කරුවන් සඳහා බලපත්ර ලබා දීමේ නියෝග සංශෝධනය කිරීම පිණිස අංක 2501/68 දරන 2026-08-12 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් සංශෝධන නියෝග ප්රකාශයට පත් කරනු ලැබ ඇත. එකී සංශෝධන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
@@@@ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ බුද්ධිමය දේපළ අනුයෝජිතයින් ලියාපදිංචි කිරීම සඳහා නියෝග පැනවීම
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන මඟින් බුද්ධිමය දේපළ අනුයෝජිතයින් පිළිගැනීම සහ ඔවුන්ගේ කාර්යභාරය ක්රියාත්මක කිරීම සඳහා නීතිමය ප්රතිපාදන සපයා තිබේ.
එමඟින් නීතිඥවරුන් බුද්ධිමය දේපළ අනුයෝජිතයින් ලෙස පිළිගැනීමට විධිවිධාන සැලසීම මෙන්ම, නීතිඥවරුන් නොවන පුද්ගලයින් සහ ආයතනික අස්ථිත්ව බුද්ධිමය දේපළ අනුයෝජිතයින් ලෙස පිළිගැනීම සඳහා ද නීතිමය පදනම සලසා ඇත. 2006-05-17 දිනැති අංක 1445/10 දරන ගැසට් නිවේදනයෙන් ප්රකාශිත 2006 අංක 01 දරන බුද්ධිමය දේපළ නියෝග මඟින් අනුයෝජිතයින් ලියාපදිංචි කිරීම සඳහා පරිපාලන ක්රියාපටිපාටි සකස් කිරීමට බුද්ධිමය දේපළ අධ්යක්ෂ ජනරාල්වරයාට බලය පවරා ඇති අතර, නීතිඥයින් නොවන අදාළ සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින්ට අනුයෝජිතයින් වශයෙන් පත් වීම සඳහා අවශ්ය සුදුසුකම් නිර්ණායක ද එමඟින් හඳුන්වා දී තිබේ.
ඒ අනුව, ඉංජිනේරු විද්යාව සහ විද්යා විෂය ක්ෂේත්ර වැනි අදාළ ක් ක්ෂේත්රයක ප්රථම උපාධියක් ඇතුළු උසස් අධ්යාපන සුදුසුකම් සපුරා ඇති විශේෂිත විෂය ක්ෂේත්ර වල අයවළුන්ට පේටන්ට බලපත්ර සම්බන්ධයෙන් අනුයෝජිතයින් ලෙස කටයුතු කිරීමට විධිවිධාන සලසමින් 2006 අංක 01 දරන බුද්ධිමය දේපළ නියෝගවල 58 වන නියෝගය සංශෝධනය කිරීම සඳහා 2026-08-03 දිනැති හා අංක 2500/15 දරන අති විශේෂ ගැසට් නිවේදනය ප්රකාශයට පත් කරනු ලැබ ඇත.
එකී සංශෝධන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
@@@@ බිස්ටෙක් (BIMSTEC) සෞඛ්ය අමාත්යවරුන්ගේ පළමු රැස්වීම සහ සෞඛ්ය පිළිබඳ BIMSTEC ජ්යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීම සඳහා සත්කාරකත්වය දැරීම
දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් අතර සමාජ – ආර්ථික සංවර්ධනය සහ තාක්ෂණික සහයෝගිතාව ප්රවර්ධනය කිරීම සඳහා වූ ප්රමුඛ කලාපීය සංසදයක් ලෙස බහු – ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්රිත රටවල එකමුතුව (BIMSTEC) ක්රියා කරනු ලබයි. 2025 අප්රේල් මාසයේදී තායිලන්තයේ බැංකොක් නුවර පැවැති 6 වන BIMSTEC රාජ්ය නායක සමුළුවේදී සෞඛ්ය ක්ෂේත්රයේ කලාපීය සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා BIMSTEC සෞඛ්ය අමාත්ය රැස්වීමක් කැඳවීම කෙරෙහි සහ එකී රැස්වීම, BIMSTEC සංවිධානය තුළ මහජන සෞඛ්ය සහයෝගිතාව පිළිබඳ ප්රමුඛ රට ලෙස නම් කර ඇති ශ්රී ලංකාවේදී පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබ ඇත. ඒ අනුව, 2026-11-10 සහ 11 යන දිනවල BIMSTEC සෞඛ්ය අමාත්යවරුන්ගේ පළමු රැස්වීම සහ සෞඛ්ය පිළිබඳ BIMSTEC ජ්යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීම කොළඹදී පැවැත්වීමට තීරණය කරනු ලැබ තිබේ. එම රැස්වීම් සඳහා සත්කාරකත්වය දැරීම පිණිස සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
@@@@ පොදු රාජ්ය මණ්ඩලීය කාන්තා කටයුතු පිළිබඳ අමාත්යවරුන්ගේ 14 වන රැස්වීම ශ්රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම
පොදු රාජ්ය මණ්ඩලීය කාන්තා කටයුතු පිළිබඳ අමාත්යවරුන්ගේ රැස්වීම, පොදුරාජ්ය මණ්ඩලීය සාමාජික රටවල ස්ත්රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම ප්රවර්ධනය කිරීම සඳහා ප්රතිපත්තිමය සංවාද පැවැත්වීමට, අත්දැකීම් හා යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට සහ සාමාජික රටවල් අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවස්ථාව සලසන ඉහළ මට්ටමේ අන්තර්ජාතික රැස්වීමකි. එහි 14 වන රැස්වීම මෙරට දී පැවැත්වීම සඳහා ශ්රී ලංකාව විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. එම රැස්වීම සඳහා සාමාජික රටවල කාන්තා කටයුතු විෂය භාර අමාත්යවරුන්, ජ්යෙෂ්ඨ රාජ්ය නිලධාරීන්, පිළිගත් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් සහ අදාළ හවුල්කාර ආයතනවල නියෝජිතයන් සහභාගි වීමට නියමිතය. ඒ අනුව, පොදු රාජ්ය මණ්ඩලීය කාන්තා කටයුතු පිළිබඳ අමාත්යවරුන්ගේ 14 වන රැස්වීම 2028 වර්ෂයේ පළමු කාර්තුවේදී ශ්රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

