රටම දැන ගැස් වු අනතුරු ඇඟවීමයි! ඩෙංගු මාරයාගෙන් රට බේරා ගැනීමට නම් වහාම ජාතික වැඩපිළිවෙළක් ක්රියාත්මක කළ යුතුයි – වෛද්ය වෛද්ය වමිල් විජේසිංහ කියයි.
මෙරටින් ඩෙංගු රෝගය සදහටම තුරන් කර දැමීම සඳහා තවදුරටත් සාම්ප්රදායික ක්රමවේද ප්රමාණවත් නොවන බවත්, ඒ සඳහා වහාම ක්රියාත්මක වන පරිදි පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහ ජාතික වැඩසටහනක් ක්රියාත්මක කළ යුතු බවත් විශේෂඥ වෛද්ය චමිල් විජයසිංහ මහතා දැඩි ලෙස අවධාරණය කරයි.
කීට විද්යාත්මක තොරතුරු සහ ඉදිරි කාලගුණ තත්ත්වයන් පෙන්වා දෙමින් ඔහු පෙන්වා දෙන්නේ රට දැවැන්ත ඩෙංගු උවදුරක මුහුණ දී සිටින බවයි.
අනතුරුදායක ප්රිටෝ දර්ශකය සහ මෝසම් වැසි අවදානමඉහළ යන මදුරු ඝනත්වය: කීට විද්යාත්මක තොරතුරු හරහා පැහැදිලි වී ඇත්තේ ‘ප්රිටෝ දර්ශකය’ (Breteau Index) ඉහළ මට්ටමක පවතින බවයි.
මෙයින් අදහස් වන්නේ මදුරු ඝනත්වය සහ මදුරු කීට ඝනත්වය වැඩි වී ඇති බවයි.
සාමාන්යයෙන් ඔක්තෝබර් සහ නොවැම්බර් කාලයේ ආරම්භ වන ඊසාන දිග මෝසම හේතුවෙන් නැගෙනහිර පළාත, උතුරු පළාත, උතුරු මැද සහ ඌව ආදී ප්රදේශවල ඩෙංගු රෝගය ව්යාප්ත වීමේ ශීඝ්ර වැඩිවීමක් පුරෝකථනය කර ඇත. පවතින කාලගුණ තත්ත්වය සමඟ ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්යාව බරපතළ ලෙස ඉහළ යාමේ දැඩි අවදානමක් පවතියි.
සෞඛ්ය අමාත්යාංශයේ “එදා වේල” ප්රතිපත්තිය ප්රමාණවත් නැති බවද ඔහු කීය.
රෝගීන් සංඛ්යාව සහ මරණ ගණන් කිරීමෙන් හෝ වැස්ස වැඩි වන විට මාධ්ය නිවේදනයක් නිකුත් කර ගෙවල් සුද්ද කරගන්නැයි කීමෙන් පමණක් මෙම ජාතික උවදුර පාලනය කළ නොහැකි බව වෛද්යවරයා පෙන්වා දෙයි.
“තාමත් අපිට පේන්නේ නැහැ සෞඛ්ය අමාත්යාංශයේ පාර්ශ්වයෙන් මීට වඩා සාර්ථක වැඩපිළිවෙළක් ක්රියාත්මක වෙනවා. අර එදා වේලට ටුවස් වගේ ඩෙංගු රෝගීන් වැඩි වෙනකොට, නැත්නම් වැස්ස වැඩි වෙනකොට මාධ්ය නිවේදනයක් දාලා, වෙබ් අඩවියට වීඩියෝ එකක් දාලා මේ ප්රශ්නය විසඳන්න බැහැ,” යැයි ඔහු පවසයි.
රටම රැක ගැනීමට ජනතාවට සහ බලධාරීන්ට දැඩි වගකීමක්මෙම මාරාන්තික තත්ත්වයෙන් රට සහ දරුවන් බේරා ගැනීම සඳහා පහත ක්රියාමාර්ග අඛණ්ඩව ගත යුතු වේ.
ඩෙංගු රෝගය මේ රටින් සදහටම තුරන් කිරීම සඳහා විධිමත් ජාතික වැඩසටහනක් ක්රියාත්මක කිරීම. ප්රජා මට්ටමින් මදුරු උවදුර මර්දනය: ඔබේ නිවස, ගෙවත්ත, කාර්යාලය, පාසල, පන්සල හෝ පූජනීය ස්ථානය ඇතුළු හැම තැනක්ම ඩෙංගු මදුරුවන් බෝ නොවන ප්රදේශ බවට පත් කර, මදුරු උත්පත්ති ස්ථාන අඛණ්ඩව විනාශ කර දැමීම.
අදාළ ස්ථානවල යම් මදුරු බෝවන ස්ථාන නිර්මාණය වේද යන්න නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින්, මේ ඩෙංගු මාරයාගෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට වගබලා ගැනීමට අප සතු වගකීමක් බවද ඔහු කීය.

