විදේශ රටවල් මගින් අත්අඩංගුවට පත්  ලාංකික ධීවර යාත්‍රා  2020 සිට 2026 දක්වා 128 ක් බවත් ඒ් අනුව 2020 දී 13ක්, 2021 දී 8ක්, 2022 දී 16ක්, 2024 දී 19 ක්, 2025 දී 7ක් සහ 2026 දී 46ක් වන අතර  “නිදහස්  කරගත නොහැකි යාතා ගණන 121 ක් බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.  

එම කාලසීමාව තුළ නිදහස් කළ යාත්‍රා   66 ක් බවත් නිදහස් කරගත් ධීවර කාර්මිකයන් ගනන 754 ක් වන අතර 2026 වසර සඳහා නිදහස් කළ ධීවරයන් 28ක් සහ යාත්‍රා 3ක් බව ද ඔහු කීය.

ලංකාවේ ලියාපදිංචි ධීවර යාත්‍රා හා උපකරණ ඒකක 49,271ක් මුහුදේ රැකියාවේ නිරත වන අතර, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු සීමාවට පැමිණීමෙන් දේශීය මත්ස්‍ය සම්පතට හා ධීවරයන්ගේ ජීවිකාවට සිදුවන හානිය පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඉදිරිපත් කළ 2024 සංඛ්‍යාලේඛන අනුව ධීවර කර්මාන්තයේ බහුදින යාත්‍රා 4,869ක්, එක්දින යාත්‍රා 880ක්, පිටත එන්ජින් යාත්‍රා 24,823ක්, සම්ප්‍රදායික යාත්‍රා 2,709ක්, NTRB යාත්‍රා 15,027ක් සහ යාන්ත්‍රික නොවන මාදැල් 953ක් ඇත. මෙම කාණ්ඩ සියල්ලේ එකතුව 49,261ක් වන අතර, වාර්තාවේ සඳහන් සමස්තය 49,271 ක් බවද ඔහු කීය.

බහුදින යාත්‍රා 4,869ටම ජාත්‍යන්තර මුහුදේ රැකියාව සඳහා නීත්‍යනුකූල අවසර ලබා දී ඇති බව ද ඔහු කීය.

Share.
Leave A Reply