දකුණේ තරුණ නැගිටීම: ගාල්ලේ සියලුම ආසන නියෝජනය කරමින් තරුණයෝ සීනිගමට රොක්වෙති!

හිටපු පළාත් සභා මන්ත්‍රී චන්න ශාලියගේ මෙහෙයවීමෙන් රාජපක්ෂ පරපුරට සෙත්පතා විශේෂ ආශීර්වාද පූජාවක් පැවැත්වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මැතිනිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත රාජපක්ෂ පවුලටමය දීර්ඝායුෂ හා සෙත් ප්‍රාර්ථනා කරමින් පැවැත්වූ විශේෂ ආශීර්වාද පූජා මහෝත්සවයක් අද (19) දින ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් දේවාල පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී චන්න ශාලිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පූර්ණ සංවිධානයෙන් සංවිධානය වූ මෙම විශේෂ පූජාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ආසන නියෝජනය කරමින් විශාල තරුණ පිරිසක් එක්ව සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය.

සීනිගම ශ්‍රී දෙවොල් දෙවිඳුන්ගේ අනුහස් හා පිහිට පතා පැවැත්වූ මෙම පූජාවේදී රාජපක්ෂ පවුලට එරෙහිව එල්ල වන සියලු අභියෝගයන්ගෙන් සහ අපල උපද්‍රවයන්ගෙන් ඔවුන් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කෙරිණි. එමෙන්ම රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් රාජපක්ෂ පවුල ඉටුකළ මෙහෙවර ඇගයීමට ලක් කරමින්, ඉදිරි අනාගතය වෙනුවෙන් ශක්තිය හා දෙවිපිහිට ප්‍රාර්ථනා කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

මෙම අවස්ථාවට එක්වූ තරුණ පිරිස් කියා සිටියේ රාජපක්ෂවරුන් වෙනුවෙන් තමන් නිරන්තරයෙන් පෙනී සිටින බවත්, දකුණේ තරුණ බලය සැමවිටම ඔවුන් සමඟ පවතින බවත්ය. පූජා කටයුතු අවසානයේ පැමිණ සිටි පිරිස වෙත පිරිත් පැන් හා දේවාල ප්‍රසාද බෙදා දීමද සිදු කෙරිණි.  

Share.
Leave A Reply