පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්ය උදය ගම්මන්පිල මහතා විසින් අද (19) දින අභියාචනාධිකරණය සහ ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ප්රබල නීතිමය ක්රියාමාර්ග දෙකක් ආරම්භ කර තිබේ.
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට (CA WRIT /2026)පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සුදු වතින් අධිකරණයට ඉදිරිපත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේට ජනාධිපති සමාව ඉල්ලා පැවැත්වූ සාමකාමී “සිවුරට යුක්තිය” පාගමන වැළැක්වීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය නිකුත් කළ නියෝගය (P3) නීති විරෝධී බව පවසමින් රිට් පෙත්සමක් ගොනු කර ඇත. වගඋත්තරකරුවන්: කොටුව පොලිස් ස්ථානාධිපති, පොලිස්පති, නීතිපති සහ කොටුව මහේස්ත්රාත්. ඉල්ලීම: අදාළ තහනම් නියෝගය වහාම අවලංගු කරන ලෙසත්, එය ක්රියාත්මක කිරීම වළක්වන ලෙසත් ඉල්ලා සිටී.
‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනතට’ එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට (SC (SD) Appl /2026)ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” (Protection of the State from Terrorism Bill) ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බව පවසමින් පෙත්සමක් ගොනු කර ඇත. ප්රධාන චෝදනා:ආරක්ෂක ලේකම්වරයාට වසරක් දක්වා පුද්ගලයින් රඳවා තබා ගැනීමේ බලය ලබා දීම. අධිකරණ බලයට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට දැඩි ලෙස බාධා පැමිණවීම. ත්රිවිධ හමුදාවට සහ වෙරළාරක්ෂක බලකායට අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ බලතල පැවරීම. ඉල්ලීම: මෙම පනත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර බලයක් සහ ජනමත විචාරණයක් අත්යවශ්ය බවට තීන්දු කරන ලෙස ඉල්ලා සිටී.

