ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රැඳවියන් සඳහා ආහාර ලබා දීමේ දී ඊට අදාළ වියළි ආහාර ද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන්ගේ බන්ධනාගාරයේ නියාමකවරයෙකු මාර්ගයෙන් රු.1,235,000/-ක (රුපියල් දොළොස් ලක්ෂ තිස්පන්දහස) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි වන උඩුවකගේ අනුර කීර්ති රූපසිංහ යන අය 2026.10.06 වන දින ප.ව 3.29 ට පමණ ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරී කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Share.
Leave A Reply