වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘මැදපෙරදිග යුද්ධය ආරම්භ වුණ දවසේ සිට ලංකාව තුළ කෘතිමව නිර්මාණය කරගත් ඉන්ධන අර්බුදය මේ වනවිටත් අඩුවෙලා නැහැ. එහි ප්‍රතිවිපාක රටේ ජනතාව භුක්ති විදිමින් සිටිනවා. මෙම කාරණය රටේ ආර්ථික ප්‍රශ්න රැසක් ඇතිවීමටත් බලපා තිබෙනවා. ඒ වගේම ලෝක ඉතිහාසයේ වැඩිම මිලකට ඉන්ධන මිලදී ගන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබුණා.

ඒ අනුව තෙල් අලෙවිකරුවන්ට සහ අතරමැදියන්ට රුපියල් බිලයන 18 ක් අප්‍රේල් මාසයේදී ගෙවා තිබුණා.

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න කටයුතු කළා. කෙසේ නමුත් මැයි මාසයේදීත් ආණ්ඩුව අප්‍රේල් මාසය වගේම විශාල මුදලක් අලෙවිකරුවන්ට සහ අතරමැදියන්ට ගෙවන්න කටයුතු කර තිබුණා. රටේ වංචා දුෂණ නැති කරන බව ප්‍රකාශ කරමින් , හිටපු ඛණිජ තෙල් ඇමැතිවරු විශාල කොමිස් මුදල් ලබාගන්නා බව පවසමින් බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුව දූෂිත ලෙස මාසයකට රුපියල් බිලියන ගණනාවක් වංචා කරන්න කටයුතු කර තිබෙනවා.

ඒ වගේම ලංකාවට ආනයනය කළ පෙට්ට්‍රල් 92 ට ගෙවිය යුතු ඩොලර් ශත 3.53 වෙනුවට ඩොලර් 20 ක් ගෙවලා තිබෙනවා. ඩීසල් සඳහා ගෙවිය යුතු ඩොලර් ශත 4.08 වෙනුවට ඩොලර් 41 ක් ගෙවලා තිබෙනවා. මෙවැනි දුෂණ වලට මාර්ගය විවෘත කර ගන්න රටේ තෙල් සංචිත කළමනාකරණය කර නොගැනීම නිසා රටේ ජනතාවට ඉන්ධන ලබාගැනීමට කිව් ආර් පස්සේ යන්න සිදුවෙලා තිබෙනවා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නොහැකි ලෙස ඉන්ධන මිල දිනෙන් දින වැඩි වෙමින් තිබෙනවා. 

කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව මේ ආකාරයට රට අගාධයට ඇද දමන්න කටයුතු කරන අවස්ථාවක එය ප්‍රයෝජනයට ගෙන බලය ලබා ගන්න සමගි ජනබලවේගය කයයුතු කරන්නේ නැහැ.

රටේ පවතින ආර්ථික අර්බුදය වැඩි කරලා ඒ හරහා බලය ගන්න ජනතා විමුක්ති පෙරමුණ එදා උත්සහ කරනු ලැබුවා. ඒ අනුව ඉන්ධන අර්බුද ඇති කරලා සිදුකළ දේශද්‍රෝහි ක්‍රියාව සමගි ජනබලවේගය සිදුකරන්නේ නැහැ. නමුත් රටේ බලශක්ති ගැටලුව විසදන්න සමගි ජනබලවේගය නිරන්තරයෙන් මැදිහත් වෙනවා. ඒ වගේම රටේ බලශක්ති ප්‍රතිපත්තියක් නිර්මාණය නොකර මැදපෙරදිග යුද්ධය භාවිතා කරලා ඉන්ධන හරහා දුෂිත ලෙස බිලියන ගණනාවක් උපයාගෙන තිබෙනවා.

කෙසේ හෝ අනුර දිසානායක ජනාධිපතිවරයා ඇතුළ වර්තමාන ආණ්ඩුව වංචා දුෂණ සිදුකරන්න ගත කරන කාලය රටේ බලශක්තිය නිවැරදිය පාලනය කරන්න වැඩපිළිවෙළක් සකස් කරනවානම් එය වඩාත් සුදුසු බව සමගි ජනබලවේගය ප්‍රකාශ කරන්න කැමැතියි.

ඒ වගේම වහලය මත ඉදිකරන සූර්යබලාගාර පද්ධති නවත්වන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. පද්ධතියට ලබාදෙන මිල අවම කරලා , පද්ධතියෙන් මිනිස්සු ලබාගන්න මිල අසාධාරණ ආකාරයට ඉහළ දමන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම රුපියල් 14 ත් 23 ත් අතර මිලකට සුර්ය පැනලවලින් ලබාගන්නා මිල වැඩි බව පවසා ඩිසල් වලින් නිෂ්පාදිත විදුලි ඒකකයක් සඳහා රුපියල් 238 ක් ගෙවන්න කටයුතු කර තිබෙනවා. 

කෙසේ නමුත් සුර්ය බලය හරහා ලබාගන්නා රුපියල් 20 ක විදුලි ඒකකය මිල වැඩි බව පවසමින් අධික මිලට ඩිසල් බලාගාර වලින් විදුලිය ලබාගන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම රටේ තිබෙන බලශක්ති ප්‍රමාණය නිවැරදිව කළමානාකරණය කරන්න ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැහැ. කළමනාකරණ විධි ක්‍රමය යාවත්කාලීන කරන්නවත් ආණ්ඩුව කටයුතු කරලා නැහැ. දුෂිත ලෙස ඩීසල් හරහා විදුලිය ලබා ගන්නත් එය සාධාරණිකරණය කරන්නත් ඩිසල් බලාගාර හරහා පද්ධතියට විදුලිය සපයා ගන්න ඉඩක් නිරමාණය කර ගන්න සූර්ය බලය අඩපන කරන තත්ත්වයක් වර්තමාන ආණ්ඩුව ඇති කර තිබෙනවා. රටේ ජනතාවගේ ජිවන වියදම ඉහළ යන්න මෙය ප්‍රධාන හේතුවක් වෙනවා.

ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අගුරු ගෙනැවිත් රටේ ආර්ථිකයට බිලියන 200 ක පාඩුවක් සිදුකළ ආණ්ඩුවට දිනකට ඩිසල් ලිටර් ලක්ෂ 10 ක් විනාශ කළා. ඉන්ධන ගෙන්වීමේදී දුෂිත ක්‍රම අනුගමනය කරමින් මාසයකට බිලියන ගණනක් මුදල් වංචා කිරීම නිසා , ප්‍රමිතියෙන් තොර ගල් අගුරුවල අඩුව පිරිමහා ගන්න ඩීසල් හරහා විදුලිය නිෂ්පාදනය කිරීම නිසා රටේ ජනතාවට ඉන්ධන අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.

රටේ මිනිස්සු තෙල් පෝලිම් වල දුක් විදින කොට , අධික මිලකට ඉන්ධන මිලදී ගන්න සිදුවී තිබෙන අවස්ථාවක , අධික විදුලි බිලක් ගෙවන්න සිදුවී තිබෙන අවස්ථාවක රටේ බලශක්ති ක්ශ්‍රේත්‍රය තමන්ගේ පක්ෂයට අරමුදල් එකතු කර ගන්නා තත්ත්වයකට පත්කරගෙන තිබෙනවා.

කෙසේ නමුත් සමගි ජනබලවේගයේ දුෂණ විරෝධි හඩ යටපත් කරන්න කිසිම බලවේගයකට හැකියාවක් නැහැ.

රට වේලාගත් දුෂණ රැල්ල වෙනුවට ජනතාවගේ ජිවන බර සැහැල්ලු කරන්න , රටේ ජනතාව ජිවත්විය හැකි ආර්ථික රැල්ලක් නිර්මාණය කරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මිනිස්සුන්ට බොරු කියන්න ගත කරන්න කාලය රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න ගත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.‘‘

Share.
Leave A Reply