දේශපාලන ක්ෂේත්‍රය තුළ දශක ගණනාවක් පුරා අපරිමිත කැපකිරීම් කරමින්, තම කාලය, ශ්‍රමය හා ශක්තිය කැප කළ ආදරණීය වැඩිහිටි මව්වරුන් හා පියවරුන් ඇගයීම වෙනුවෙන් විශේෂ වැඩිහිටි උපහාර උළෙලක් සමගි ජන බලවේගයේ දිවුලපිටිය ආසන සම සංවිධායිකා ප්‍රසාදනී කාරියවසම් මැතිණියගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය සජබ ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.

වැඩිහිටි මව්වරුන් හා පියවරුන් තුන්සිය පනහකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාව, ඔවුන්ගේ දීර්ඝකාලීන මෙහෙවර අගය කරමින් සතුට හා සහෝදරත්වය බෙදාගත් සුන්දර අවස්ථාවක් විය.

සංගීත වැඩසටහන්, නර්තන අංග ඇතුළු විවිධ විනෝදාත්මක වැඩසටහන් රැසකින් උළෙල වර්ණවත් වූ අතර, සහභාගී වූ මව්වරුන් වෙනුවෙන් ප්‍රණීත දහවල් ආහාර වේලක්ද, සියලුම වැඩිහිටියන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමක්ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක ගරු තිස්ස අත්තනායක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හර්ෂ රාජකරුණා මැතිතුමා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා හා මන්ත්‍රීතුමියන්ලා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

Share.
Leave A Reply