පාරිභෝගිකයන්ගේ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා මෙම ආනයන තහනම වෙනස් නොකර පවත්වා ගෙන යන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.
ලෝක බැංකුවේ ජාත්‍යන්තර වෙළෙඳ දත්ත පද්ධතිය සහ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙළෙඳ දත්ත ගබඩාව සටහන් සදහන් කරන්නේ 2020 දී ටොන් 1.2 ලක්ෂයක් ආනයනය කරලා – 2022 දී ටොන් 21,000ට වැටී 2024 දී යළි ටොන් 30,000 ඉක්මවයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ පාම් තෙල් ආනයනය සම්බන්ධයෙන් යළිත් උණුසුම් සංවාදයක් මතුව තිබේ. 2021 දී පාම් තෙල් ආනයනය දැඩි ලෙස සීමා කිරීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය තවදුරටත් පවත්වාගෙන යන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.
ලෝක බැංකුවේ WITS–UN Comtrade වෙළෙඳ දත්ත අනුව 2020 දී ශ්‍රී ලංකාවට පාම් තෙල් ටොන් 120,097 ක් පමණ ආනයනය කර ඇති අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 89.3 මිලියනයක් පමණය.
2021 දී ආනයනය ටොන් 80,919ක් දක්වා පහළ ගිය අතර, එම වසරේ අප්‍රේල් මාසයේදී ආනයනය දැඩි ලෙස සීමා කෙරිණි. 2022 දී එය තවත් කඩා වැටී ටොන් 21,010ක් පමණක් විය.
එහෙත් 2023 දී ටොන් 21,572ක් හා 2024 දී ටොන් 30,553ක් පමණ ආනයනය වී තිබේ. 2024 දී පමණක් එහි වටිනාකම ඩොලර් 28.4 මිලියනයක් පමණ විය.
2023 ආනයනයෙන් 99%කට වැඩි ප්‍රමාණයක් මැලේසියාවෙන් පැමිණීමද විශේෂත්වයකි.මේ අතර, 2026 දී ද පාම් තෙල් ආනයන සිදුවීම් වාර්තා වන අතර, සම්පූර්ණ වාර්ෂික දත්ත තවම නිකුත් වී නොමැත.
පාම් තෙල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කළ යුතුද, නැතහොත් දැඩි ප්රමිතීන් යටතේ ආනයනයට ඉඩ දිය යුතුද යන්න පිළිබඳ තීරණය යළිත් ජාතික අවධානයට පැමිණ තිබේ.

