ලංකාවේ පවුල් 10කින් 4කට ආහාර අර්බුදයක්

ලෝකයේ මිලියන 645ක් කුසගින්නේ

ලංකාවේ පවුල්වලින් 39%කට ප්‍රමාණවත් ආහාර වේලක් ලබාගැනීමේ ගැටලුවක් පවතින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO),ගෝලීය තොරතුරු හා පූර්ව අනතුරු ඇඟවීම් පද්ධතිය (GIEWS),එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP),එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF), ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදල (IFAD), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නවතම ශ්‍රී ලංකා තොරතුරු හෙළි කරයි.

ඒ අනුව පවුල් 10කින් 4කට ආසන්න සංඛ්‍යාවක් ආහාර අර්බුදයකට මුහුණ දී සිටී.

2024දී ශ්‍රී ලාංකික පවුල්වලින් 51%ක් ආහාර ප්‍රමාණ අඩු කිරීම හෝ අඩු කැමැත්තක් ඇති ආහාරවලට මාරුවීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබේ.

එහෙත් 2026දී ශ්‍රී ලංකාවේ ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 5.3ක් දක්වා ඉහළ යනු ඇතැයි මෙම සමික්ෂන පුරෝකථනය කරයි. එය පස් අවුරුදු සාමාන්‍යයට වඩා 9%ක වැඩිවීමකි. මහ කන්නයේ වී නිෂ්පාදනය ටොන් මිලියන 2.8ක් පමණ වනු ඇතැයිද ඇස්තමේන්තු කර ඇත.

එසේ තිබියදීත් 2026දී රටට ධාන්‍ය ටොන් මිලියන 1.7ක් ආනයනය කිරීමට අවශ්‍ය වනු ඇත.

ලෝක තත්ත්වයද බරපතළය අතර 2025දී ලෝක ජනගහනයෙන් 7.8%ක්, එනම් මිලියන 645ක්, කුසගින්නට මුහුණ දී සිටි අතර බිලියන 2.1ක් මධ්‍යම හෝ දැඩි ආහාර අනාරක්ෂිතතාවට මුහුණ දී තිබේ.

Share.
Leave A Reply