@ වැඩිහිටි ජනගහනය 18% දක්වා ඉහළට: ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලක්ෂ 9කට අධික පිරිසකට රජයෙන් සවිමත් ආර්ථික ආරක්ෂාවක්!  

@ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබසාධනය උදෙසා දැවැන්ත පිම්මක්: රුපියල් මිලියන ගණනක නව යෝජනා ක්‍රම රාශියක් එළිදකියි!  

@ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 10,000කට වැඩි පිරිසකට නේවාසික සෙවණ: දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 2 බැගින් වැඩිහිටි නිවාසවලට ආධාර!  

@කතරගම ජාත්‍යන්තර මට්ටමේ සුරකුම් මධ්‍යස්ථානය ඇතුළුව දිවයින පුරා වැඩිහිටි නිවාස 883ක නියාමනයට පියවර!  

@රටේ ප්‍රබලම ශක්තිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට: නිවාස, සෞඛ්‍ය, උපකරණ සහ ස්වයං රැකියා වෙනුවෙන් අතිවිශාල ආයෝජනයක්!  

@සියවස් සපිරි වැඩිහිටියන් ඇතුළු ලක්ෂ 9යකට මාසික දීමනා: වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන ජාලය මෙන්න! 

@ග්‍රාමීය වැඩිහිටි කමිටු 12,000ක් සවිබල ගන්වයි: දිවා මධ්‍යස්ථාන 15ක් අලුතින් ඉදිකිරීමට රුපියල් මිලියන 52ක ප්‍රතිපාදන!  

@අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා “දිරියත පියස”, “ආරෝග්‍යා” සහ “සුවපහසු” ව්‍යාපෘති හරහා කෝටි ගණනක මූල්‍යාධාර!  

@ලියාපදිංචි නොවූ වැඩිහිටි නිවාස නියාමනයට නව රෙගුලාසි: පනත සංශෝධනය කරමින් ජ්‍යෙෂ්ඨ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කෙරේ!  

@වැඩිහිටි ප්‍රජාවගේ ආර්ථික හා සෞඛ්‍ය මට්ටම උසස් කිරීමට තීරණාත්මක පියවර: ජංගම වෛද්‍ය කඳවුරු සහ නොමිලේ ශ්‍රවණ/අක්ෂි උපකරණ ලබාදීමේ දැවැන්ත මෙහෙයුමක්!

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබසාධනය උදෙසා දැවැන්ත ආයෝජනයක් සහ නව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකයිදිවයින පුරා සිටින වැඩිහිටි ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් සවිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනගහනය මිලියන 3.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර,එය සමස්ත ජනගහනයෙන් 18%ක ප්‍රතිශතයකි.  

වැඩිහිටි ආරක්ෂණය උදෙසා දිවයින පුරා වැඩිහිටි නිවාස 883ක් වාර්තා වී ඇති අතර, එහි නේවාසිකව සිටින සමස්ත වැඩිහිටියන් සංඛ්‍යාව 10,770කි (පිරිමි 3,850ක් සහ ගැහැණු 6,920ක්).

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් පාලනය වන ප්‍රධාන වැඩිහිටි නිවාස 03 අතුරින් කතරගම Silver Age Centre හි 118 දෙනෙකු සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියේ සුරකුම් මධ්‍යස්ථානයක් ඉදිකර ඇති අතර, පන්නල (66ක්) සහ ගම්පහ මාලිගාතැන්න (33ක්) සසුන් හිද නේවාසික පහසුකම් සලසා ඇත.

මීට අමතරව පළාත් සභා සතු නිවාස 06ක් සහ පෞද්ගලික හා ස්වේච්ඡා අංශ සතු නිවාස 487ක් ක්‍රියාත්මක වේ.

දැනට ලියාපදිංචි වී ඇති නිවාස 148 නියාමනය කිරීමට සහ ප්‍රමිතිගත කිරීමට දිස්ත්‍රික්කයකින් එක් නිවාසයකට රුපියල් මිලියන 2 බැගින් ආධාර ලබා දීමට නියමිතය.  

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආර්ථික සුබසාධනය උදෙසා වයස අවුරුදු 70ට වැඩි වැඩි හිටියන් 9 20,020 දෙනෙකු වෙත මාසික දීමනා පිරිනමන අතර, වයස අවුරුදු 100 ඉක්මවූ සියවස් සපිරි වැඩිහිටියන් 508 දෙනෙකුට ද මාසිකව රු. 5,000 බැගින් දීමනා ගෙවනු ලබයි.

තවද ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා ලාභීන් 339,263 දෙනෙකු වෙනුවෙන් මාසිකව රු. 5,000 බැගින් භාණ්ඩාගාර ප්‍රතිපාදන වෙන් කර ඇත.   ප්‍රජා මට්ටමින් වැඩිහිටියන් සක්‍රීය කිරීමට දිවයින පුරා ග්‍රාමීය වැඩිහිටි කමිටු 12,045ක්, ප්‍රාදේශීය බල මණ්ඩල 266ක්, දිස්ත්‍රික් බල මණ්ඩල 25ක් සහ පළාත් බල මණ්ඩල 09ක් පිහිටුවා ඇත.

එමෙන්ම ක්‍රියාත්මක වන දිවා මධ්‍යස්ථාන 195 අතුරින් 92කට රජයේ ප්‍රතිපාදන හිමි වේ.  

2025 වර්ෂය සඳහා වැඩිහිටි සුබසාධන අරමුදල සහ භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ දැවැන්ත යෝජනා ක්‍රම රාශියක් දියත් කර ඇත.

නව දිවා මධ්‍යස්ථාන!

එකකට රු. මිලියන 3.5 බැගින් මධ්‍යස්ථාන 15ක් ඉදිකිරීම සහ මධ්‍යස්ථාන 20කට රු. ලක්ෂ 5 බැගින් උපකරණ ලබා දීම.   දිරියත පියස නිවාස: තනි මාපිය හෝ ආබාධිත පවුල් සඳහා රු. 700,000 බැගින් නිවාස 25ක් ඉදිකිරීම.  

ආරෝග්‍යා සහ සුවපහසු යෝජනා ක්‍රම!

බෝ නොවන රෝගී වැඩිහිටියන් 1,000කට රු. 25,000 බැගින් මූල්‍යාධාර ද, සනිපාරක්ෂක පහසුකම් සඳහා ප්‍රතිලාභීන් 400කට රු. 100,000 බැගින් ලබා දීම.  

සෞඛ්‍ය හා ස්වයං රැකියා!

වැඩිහිටියන් 400කට රු. 50,000 බැගින් ස්වයං රැකියා ආධාර, චාරිකා 300ක් සඳහා රු. 75,000 බැගින් ඉන්ධන ආධාර, ශ්‍රවණ උපකරණ 1,250ක්, අක්ෂිකාච 500ක්, ඇස් කණ්ණාඩි 3,000ක් ලබා දීම සහ දිස්ත්‍රික්ක 10ක ජංගම වෛද්‍ය කඳවුරු සඳහා එකකට රු. 900,000 බැගින් වෙන් කර ඇත.

Share.
Leave A Reply