මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක අධ්‍යක්ෂ, මංගල විජේසිංහ මහතා සහභාගි විය.
ඒ මහතා ප්‍රකාශ කළේ ,2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 දක්වා ළඟා වී ඇති බවයි. එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමක් වේ.
මෙම ප්‍රගතිය අගෝස්තු මාසයේ කාර්යසාධනය තුළ ද පිළිබිඹු වී ඇති අතර, එහිදී සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.60 ක් දක්වා ළඟා වෙමින් පෙර වසරට සාපේක්ෂව 1.77% ක වර්ධනයක් වාර්තා කර ඇත. අගෝස්තු මාසය තුළ සේවා අපනයන අංශය 13.97% කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් මිලියන 331.87 ක් බවට පත්වෙමින් සුවිශේෂී ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.27 කි.

