ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී මතුව ඇති වැටුප් විෂමතා සහ ඒ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් විදුහල්පති සේවයට එක්වීමට දක්වන අධෛර්යමත් බව පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ එම කාරක සභාවේදී මෙම තීරණයට එළඹ තිබේ.
‘නව පත්වීමක්’ වෙනුවට ‘උසස්වීමක්’2014 ඔක්තෝබර් 22 දින නිකුත් කළ ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම “උසස්වීමක්” ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම නිසා මෙම වැටුප් විෂමතාව හටගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.
ගුරු සේවයේ 1 වන ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින විශාල වෙනස හේතුවෙන්, සේවා කාලය ඉදිරියට යද්දී ගුරු සේවයේ රැඳී සිටියා නම් හිමිවන ඉහළ වැටුප් වර්ධක අහිමි වන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ නිසා ගුරු සේවයේ 1 සහ 2-I ශ්‍රේණිවල සිටින ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට මැලි කමක් දක්වති.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම “නව පත්වීමක්” වෙනුවට “උසස්වීමක්” ලෙස සැලකෙන පරිදි සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවධානය යොමු වී ඇත. B.Ed උපාධිධාරීන් ගුරු සේවයේ 2 වන ශ්‍රේණියටඅධ්‍යාපන වේදී (B.Ed) උපාධිධාරීන් ගුරු සේවයේ 2 වන ශ්‍රේණියට සෘජුව බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර, 2030 දක්වා පෙර පැවැති ක්‍රමවේදයට අනුව පත්වීම් ලබාදීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ වාචික එකඟතාවකට පැමිණ තිබේ.
මෙම බඳවාගැනීම් දැනට පැවැත්වෙන 23,000ක ගුරු බඳවාගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් නොකර, පළාත් මට්ටමින් පවතින විෂයානුබද්ධ පුරප්පාඩු පදනම් කරගෙන සිදුකිරීමට නියමිතය.
තවද, විද්‍යාව, ගණිතය සහ ප්‍රාථමික අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර සඳහා විශේෂිත B.Ed පාඨමාලා හඳුන්වා දෙමින්, පාසල් පද්ධතියේ සැබෑ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි විශ්වවිද්‍යාල පාඨමාලා යාවත්කාලීන කිරීමට 2030 දක්වා කාලය ලබාදීමට ද යෝජනා විය. වැඩිපුර ගෙවූ වැටුප් අයකරගැනීමේ ගැටලුවට ආණ්ඩුකාර මැදිහත්වීමදකුණු පළාතේ රසායනාගාර සේවකයින් සහ මුරකරුවන් 261 දෙනෙකුට 2008-2009 කාලයේ පරිපාලනමය දෝෂයකින් වැඩිපුර ගෙවා තිබූ රුපියල් මිලියන 50.8ක මුදලෙන් මේ වන විට රුපියල් මිලියන 15.1ක් අයකරගෙන තිබේ.
මෙම දෝෂයට සේවකයින් සෘජුව වගකිව යුතු නොවන බැවින්, ඔවුන් මුහුණ දී ඇති ගැටලුව සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් ලබාගැනීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කිරීමට ද කාරක සභාව තීරණය කළේය.

