සමගි ජන බලවේගයේ කෝට්ටේ පිහිටා ඇති ප්‍රධාන පක්ෂ මූලස්ථානයේ දී අද (23) පැවැති මාධ්‍ය හමුව දී හෙතෙම මෙසේ ද කීය.

මෙරට ප්‍රධාන විපක්ෂය විදිහට, මෙරට මහජනතාවගේ දුක්ගන්නාරාල බවට පත්වෙලා තිබෙන ප්‍රධාන විපක්ෂය විදිහට අපි නිරන්තරයෙන් කතා කරන්නේ මහජනතාවගේ ප්‍රශ්න, පෙනී සිටින්නේ මහජනතාව වෙනුවෙන්. ඒ අපේ පණිවිඩය, ඒ මහජනතාව දැනුවත් කිරීම, මහජනතාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ඒ අපේ පණිවිඩය අරගෙන යන ඔබ සියලු දෙනාටම අපේ ගෞරවනීය ස්තූතිය පිරිනමන ගමන් මම අද මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරන්න කැමතියි.

අද ප්‍රධාන ප්‍රස්තුතය, මම දන්නවා ඔබතුමන්ලා මගෙන් ප්‍රශ්න කරයි, වී ඇත්තේ හෙට (24)  දිනයේ පැවැත්වෙන 22ට එරෙහි ජන රැලිය සම්බන්ධයෙන්.

ඒ නිසා ප්‍රථමයෙන් මම කියන්න කැමතියි, මේ හෙට 24 වෙනිදා පැවැත්වෙන 22ට විපක්ෂ ජන රැලියට අපි මෙරට බුද්ධිමත්, වැදගත්, අවංක, හෘද සාක්ෂියක් තිබෙන සියලුම ජනතාවට ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. අපේ පක්ෂයේ විතරක් නෙවෙයි, විරුද්ධ පක්ෂයේ තිබෙන සියලුම පක්ෂවලට, ඒ වගේම මාලිමාවට ඡන්දය ගැසූ, ඒ වෙලාවේ අනුර දිසානායක ජනාධිපතිතුමාගේ බොරුව විශ්වාස කරලා, ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා විශ්වාස කරලා, රටට වෙනසක් ඇති කරයි කියලා හිතපු, අනුර දිසානායක ඇතුළු මාලිමාවට ඡන්දය ගහලා අද දුකට පත්වෙලා ඉන්න ඒ ජනතාවටත්, ඒ පක්ෂවලට නැත්නම් මාලිමාවට සම්මාදම් වුණු ඒ අයටත් අපි බොහොම ආදරයෙන් ආරාධනා කරනවා, හෙට දිනයේ මෙරට අනාගතය සම්බන්ධයෙන් වැදගත් මාතෘකාවක් පාර්ලිමේන්තුවේ කතා වෙන මොහොතක අපත් සමග සම්බන්ධ වෙන්න කියලා. මම හිතන්නේ ප්‍රධාන විපක්ෂය විදිහට ඒක තමයි අපේ වගකීම.

අද මෙරට ආර්ථික, සාමාජීය තත්ත්වයන් ගත්තොත්, දේශපාලන තත්ත්වයන් ගත්තොත් ඒක ඉතාම විකෘති භාවයකට පත්වෙලා මහජනතාව අසරණ භාවයට පත්වෙලා තිබෙනවා. ඒ කියන්නේ අද රටේ නායකයා, ඒ කියන්නේ මගේ රටේ නායකයා, ඒ කියන්නේ මගේ රටේ නායකයා කියන්නේ ජනාධිපතිනේ. ඔබේත් මගේත් නායකයා ජනාධිපති. ඔහු අද පචකාරයෙක් වෙලා, ඔහු අද බොරු කාරයෙක් වෙලා.

2015/2010 ඉඳලා එතුමාගේ දේශපාලන ජීවිතය ගත්තොත් එතුමාගේ කණ්ඩායම හැමදාම 14ට අත ඉස්සුවා, 19ට අත ඉස්සුවා, 21ට අත ඉස්සුවා. මහා ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙක් කියලා පෙනී සිටියා. හැබැයි අද වෙනකොට ඒ සියල්ල බොඳ කරලා මහජනතාව ඉදිරියේ පචකාරයෙක් බවට පත්වෙලා තියෙනවා.

ඒ නිසා මේ පච ආණ්ඩුවෙන් මේ රටේ නීතිය, මේ රටේ සභ්‍යත්වය, මෙ රටේ සංස්කෘතිය රැකගන්න නම් අපි අපේ විරෝධය පළ කරන්න ඕනේ. මොකද ඔබ සියලු දෙනා දන්නවා, අද මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ එක් පක්ෂයක් පමණක් තිබෙන රටක් බිහි කරන්න. ඒකට ඔවුන් කරන්න පුළුවන් සෑම දේම කරනවා. මේක විහිළුවක් නෙවෙයි.

ඒ නිසා තමයි ජනාධිපතිතුමා අවුරුදු දෙකක් සමරනකොට තමන්ගේ පක්ෂය හදන්න ගමට යන්න ඕනේ කියලා කිව්වේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් තමන්ගේ අවුරුදු දෙක හෝ තුන හෝ එක සමරද්දී විශාල සංවර්ධන ව්‍යාපෘති පටන් ගන්නවා. හැබැයි ඒ වෙනුවට අපේ රටේ ජනාධිපතිතුමා කරේ මොකක්ද? මාලිමාවේ රැලිය සංවිධානය කරන එක.

ඒ නිසා මම විශේෂයෙන් මේ වෙලාවේ කියන්න කැමතියි, හෙට පැවැත්වෙන මේ මහා ජන රැලියට සියලු දෙනාට අපි පක්ෂයක් විදිහට ආරාධනා කරනවා. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය, සමගි ජන බලවේගයේ නායකත්වය පිළිගන්න, මෙරටේ මේ මොහොතේ සිදුවන විපර්යාස ගැන අවදියෙන් සිටින සියලුම දෙනාට මම ආරාධනා කරනවා. මොකද ඒකට හේතුව තමයි අපි එක්සත්ව, එක්සිත්ව පොදු හතුරා හඳුනා ගන්න ඕනේ.

ඒ කියන්නේ මේ ආණ්ඩුව අවුරුද්දක් ගත වෙලා මේ රටේ බහුජනතාවට හොඳක් කරලා නැහැ. හැබැයි එයාලා නිසා හොඳක් වෙච්ච කීප දෙනෙක් ඉන්නවා. ඒ කීප දෙනා තමන්ගේ ධනය, බලය, මාධ්‍ය භාවිතා කරමින් මහජනතාවට පෙන්වනවා මේක කවදාවත් හොල්ලන්න බැහැ කියලා. අවුරුදු 30ක් ඕනිලු, 40ක් ඕනිලු, 50ක් ඕනිලු. දැන් කවුද මේ කියන්නේ? මේ රටේ සෑම අරගලයකම, සෑම තැනකම මහා ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස පෙනී සිටපු අනුර දිසානායක මැතිතුමාගේ පක්ෂය. ඒ කියන්නේ එයාලා අවුරුදු පහෙන් ගෙදර යන්න කැමති නැහැ. 30ක් ඕනි, 40ක් ඕනි.

එක පැත්තකින් කියනවා, හැබැයි මෙරටේ මහජනතාවගේ කුස පුරවන්න දේවල් කරලා නැහැ. අඩුම තරමේ ඩොලර් බිලියන 10ක් පැත්තක තියන්න, දැන්ම IMF එක කියනවා අඩුම තරමේ 8ක් ඕනි කියලා. ඩොලරයක් ගේන්න වැඩ කරලා නැහැ. කට ඇරගෙන කවුරුහරි දෙයි කියලා බලන් ඉන්න තත්ත්වයක් තමයි අද රටේ ඇති වෙලා තිබෙන්නේ.

ඒ නිසා මම විශේෂයෙන් අද මතක් කරන්න කැමතියි, 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පළමු විජිඹුරය පත්තු කරේ සමගි ජන බලවේගය. පොතක්ම ගහලා අපි මහජනතාවට පෙන්නුවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙනුත්, සමගි ජන බලවේගයේ කොහොමද මේ වැඩේට බැස්සේ කියලා. කොහොමද අපි පිරිස් එක්රැස් කරේ කියලා.

ඒ වගේම අපි බොහොම ගෞරවයෙන් මතක් කරනවා මෙරටේ නීතිඥ සංගමය, වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය ආදී සියලු වෘත්තීය සමිති. මොකද ඔවුන් අපේ කතාවට ඇහුම්කන් දුන්නා පමණක් නොවෙයි, ඔවුන් මේකට පෙරමුණ ගත්තා. මේ ප්‍රශ්නයට පෙරමුණ ගත්තා.

ඒ නිසා මම නැවතත් මතක් කරනවා, හෙට පැවැත්වෙන 22ට විපක්ෂ රැලිය, පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දූව හන්දියේ පැවැත්වෙනවා. ඒ අවස්ථාවට ඔබ සියලු දෙනාට සහභාගී වෙන්න කියලා මම විශේෂයෙන් මතක් කරනවා.

මාධ්‍යවේදියා: හෙට 24 පැවැත්වෙන රැලියට මේ අනෙකුත් විපක්ෂයේ පක්ෂත් සහභාගී වෙනවද?

මහේෂ් සේනානායක : නැහැ, අපි විවෘත ආරාධනයක් කරන්නේ. හැබැයි සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිගන්න, සමගි ජන බලවේගය හා එක්ව කටයුතු කරන්න පුළුවන් සියලු දෙනාට අපි ආරාධනා කරනවා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. අපේ සෙනඟ අස්සෙන් මතු වෙලා මමයි වීරයා සෙල්ලම කරන්න බැහැ. අපි මෙච්චර කල් මේක කිව්වේ නැහැනේ. මොකද සමහර අය ඉන්නවා ආණ්ඩුවේ කොන්ත්‍රාත් එක අරගෙන වැඩේ අල කරන අය. ඒ කියන්නේ මේ විපක්ෂයේ කාර්යභාරය අල කරන පිරිස් ඉන්නවා. ඉතින් එහෙම අයට නම් අපේ වේදිකාව අපිට විවෘත කරන්න බැහැ.

හැබැයි අපේ ප්‍රතිපත්තිය පිළිගන්න, අපි රට වෙනුවෙන් කරන කාර්යභාරය අවංක සිතින් පිළිගන්න සියලු දෙනාට අපි එන්න කියලා ආරාධනා කරනවා. ඒ කියන්නේ ප්‍රශ්නකාරී, ප්‍රශ්නගත මිනිස්සු අකමැති අය අපිට ගෙන්නන්න බැහැ. ඒක අපි පැහැදිලිව කියන්න එපැයි. මොකද සජබේ ස්ථාවරය තමයි අපි ඉතා පිරිසිදු දේශපාලනයක් කරන්නේ, අපි අවංකව මේකට කටයුතු කරන්නේ.

එහෙම නැතුව අපුව බිත්තියට හේත්තු කරලා, අපි නැත්නම් මුකුත් කරන්න බැහැ කියලා හිතාගෙන ඉන්න අයට අපි එන්න එපා කියන්නේ නැහැ, හැබැයි ඉතින් බය කරලා, අපුව බිත්තියට හේත්තු කරලා, අපේ ස්ටේජ් එකට නැගලා අපිට සත්තම් දාන්න නම් බැහැ. ඒක මම පැහැදිලිව කියන්නේ.

දැන් මෙරටේ ආණ්ඩුවේත් ප්‍රථම කාර්යභාරය වෙලා තිබෙන්නේ සමගි ජන බලවේගයට ගහන එක. ඒ වගේම විපක්ෂයේත් යම් යම් කණ්ඩායම්, ඔවුන්ගේත් අරමුණ වෙලා තියෙන්නේ සජබෙටයි සජිත් ප්‍රේමදාසටයි ගහන එක. අපි ඉතා පැහැදිලිව කියලා තියෙනවා, එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපි එකතු වෙනවා කියලා. අද එක්සත් ජාතික පක්ෂය ඒක පිළිඅරගෙන තියෙනවා. දැන් හෙට එක්සත් ජාතික පක්ෂයේ නායක ආධිකාරියෙන් බොහොමයක් පැමිණෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ආධිකාරියෙන් බොහොමයක් පැමිණෙනවා. සිවිල් සංවිධාන නායකයින්, සිවිල් සංවිධාන මතධාරීන් බොහොමයක් පැමිණෙනවා. ඒ වගේම පැවිදි අය, භික්ෂූන් වහන්සේලා, පූජකවරු, මේ සියලු දෙනාගේ ආශීර්වාදයෙන් තමයි මේ වැඩේ කරන්නේ.

හැබැයි අර හැමදාම ලංකාවේ වෙච්ච ඊනියා දේශපාලනඥයින් ඉන්නවනේ, ඒ කියන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් අරගෙන වැඩේ අල කරන අයට අපිට එහෙම අවස්ථාවක් ලබා දෙන්න බැහැ,

මොකද මහජනතාව එයාලව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මම මේක බරපතල ප්‍රකාශයක් මේ කරන්නේ, මොකද මෙරටේ සජබේ කියන්නේ සංකේතයක්නේ, UNP කියන්නේ සංකේතයක්නේ, ශ්‍රී ලංකා කියන්නේ සංකේතයක්නේ, ? එතකොට ඒ වගේම පොහොට්ටුව පවා, හොඳ මිනිස්සුන්ට මේකේ දොර විවෘතයි.

මොකද සජිත් ප්‍රේමදාස අපිට කියලා තියෙන්නේ, අපි ලේසි පාරේ ගිහිල්ලා මිනිස්සුන්ව රවට්ටලා බලය ගන්නවට වැඩිය, එහෙම නැත්නම් ජනාධිපති කරනවට වඩා අපි අමාරු පාරේ ගිහිල්ලා හරි දේ කරමු කියලා.

හැබැයි හරි දේ තිත්තයි. අර මිරිස් තිත්තයි වගේ තමයි. මේක හරි දේ අමාරුයි කරන්න. හැබැයි හරි දේ කවදා හරි කරලා රට ගොඩදානවා කියන එක තමයි අපේ අරමුණ සහ තෘප්තිය. ඒ නිසා අපි හැමෝටම ආරාධනා කරනවා.

හැබැයි මේ අර අර ඒකාබද්ධ විපක්ෂයේ බී ටීම් එක, රජීව් අබේසේකර මහත්තයා වෙලවන්න කියලා ගිහිල්ලා බෝඩ් අල්ලන් හිටපු, ඒ වගේ අයට ඉතින් අපිට තැනක් දෙන්න බැහැනේ. ආ? මොකද එහෙම වුණොත් අපේ පාක්ෂිකයෝ අපිට ගහයි. මොකද අපේ පාක්ෂිකයොත් බලාපොරොත්තු වෙනවා අපිට කොන්ද තියෙන පුරුෂයෝ කියලා. ආ? ඒ කියන්නේ එහෙම නිකන් බය කරනකොට අර එක එක මාධ්‍ය ආයතන දාලා, එක එක මේ අපිත් ඒකාබද්ධ විපක්ෂයේ නෙවෙයි, විජිල්ලජ්ජාවක් නැති අයට නම් මම හිතන්නේ නැහැ අවස්ථාවක් තියෙනවා කියලා. හැබැයි කොන්ද පණ තියෙන, මෙරටේ මේ වෙලාවේ ප්‍රශ්නය තේරුම් ගත්තු, අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති සියලුම දෙනාට අපි කතා කරනවා. ඒක දැන් මම කියන්න ඕනේ.

මිනිස්සු 50ක් ගෙන්න ගන්න බැහැ, මිනිස්සු 100ක් ගෙන්න ගන්න බැහැ, හැබැයි මහා අයියලා වෙන්න හදනවා. ආ? අන්න ඒ රට පුරා ටියුෂන් තියෙනවා වගේ නිකන් පාඩම් කිය කිය ඉන්නවා, ඡන්දය ඉල්ලන්න අබ්බෝ බයයි. ආ? ඒ නිසා මේ මිනිස්සු 100ක් 200ක් අරන් ගිහිල්ලා නිකන් මේ රට හොල්ලන්න හදන අයට අපිට අවස්ථාවක් දෙන්න බැහැ.

අනෙක් එක මතක තියාගන්න, මෙරටේ සමහර දේශපාලඥයෝ ඉන්නවා, ‘මම මහා බුද්ධිමතා, මම මහා උගතා, ඒ නිසා සියලු දෙනා දණගසා අපට අපව නමදින නමස්කාර ඕනේ කියලා හිතන කට්ටිය ඉන්නවා. ඊට කලින් මල්ලි, ඡන්දය ඉල්ලන්න ඕනේ. හරිද? ඡන්දය ඉල්ලන්න කොන්ද පණ තියෙන්න ඕනේ. හරිද? ඒව තමයි අපිට කියන්න තියෙන්නේ.

ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න තිබෙන්නේ, ඔබතුමන්ලාගේ ඕනෑම ප්‍රශ්නයකට මම උත්තර දෙනවා, හෙට පැවැත්වෙන මේ රැලියට පක්ෂ පාට භේදයකින් තොරව පැමිණෙන්න. ඒක ජාතික පුරවැසි වගකීමක්. හැබැයි සත්තම් දාන්න… එහෙම සත්තම් දාලා නිකන් මේ ෆේස්බුක් වලින් ගහලා, අර රාල මේ රාල ගහලා ඒවනම් බැහැ. මොකද අපිත් හොඳ පිරිමි නිසා මේ කතාව අපි කියන්නේ. අහන්න ප්‍රශ්න තියෙනවා නම්.

මාධ්‍යවේදියා: පක්ෂ පාට භේදයක් නැහැ කිව්වට මේ අරකට එන්න එපා, මේකට එන්න එපා කියලත් තියෙනවා. අපිට එහෙම මෙහෙම ඇහුණා.

මහේෂ් සේනානායක : නැහැ නැහැ, බොහොම පැහැදිලිව අපි කියනවනේ. අපේ වැඩේට එන්න ඕනේ මේ වැඩේ පිළිගන්න. වැඩේ අල කරන අය මගුල් ගෙදරට ගෙන්න ගන්නේ නැහැනේ. අල කරන අයගෙන් වැඩක් නැහැ. ඒ කියන්නේ මේ 10 දෙනෙක්, 15 දෙනෙක් අරන් ගිහිල්ලා අපි තමයි චණ්ඩි කියලා පෙන්නලා මෙතෙන්ට මෙහෙම කරන්න, මොකද අපේ පාක්ෂිකයින්ට අපි ගරු කරන්න ඕනේ.

දැන් මම කියන්නේ ඔබතුමාට, දැන් සමහර අය ඉන්නවා කොහේ හරි වටරවුමක බෝඩ් එකක් අල්ලන් කියනවා අපි තමයි ඊළඟ අපේක්ෂකයා, මම තමයි මහා බුද්ධිමතා, මම තමයි මහා විචාරකයා කියලා. එහෙම වැඩ කරන්න බැහැ. මොකද මේක කොමන් ගෝල් එකක්, කොමන් ගෝල් වෙන්න ඕනේ. කොමන් ගෝල් එකක් තියෙන්න එපැයි.

දැන් අපේ පක්ෂයටනේ මහජනතාව වැඩිම ඡන්දය දුන්නේ මාලිමාවට පස්සේ. එතකොට අපිට වගකීමක් තියෙනවා රටේ ජනතාව වෙනුවෙන්. නිකන් මේ ඊනියා නායකයොත් එක්ක වැඩ කරන්න බැහැ. ඒ නිසා සියලු දෙනාට එන්න මේක විවෘතයි. කොච්චර නැතත් මාලිමාවට ඡන්දය ගහලා, කලකිරිලා ඉන්න ජනතාවටත් අපි මේක විවෘත කරලා තියෙනවා.

මාධ්‍යවේදියා: ඒ කියන්නේ මාලිමාවටත් ආරාධනාවක් තියෙනවා?

මහේෂ් සේනානායක  

ඔව්, මාලිමාවට ආරාධනා කරනවා. දැන් අර හරිනි මැතිනිය නිශ්ශබ්දව ඉන්නවා වගේ මාලිමාවට ඡන්දය ගහලා එපා වෙච්ච මිනිස්සු ඉන්නවා. දැන් බාර් ඇසෝසියේෂන් එකේ 95%ක් අර වැඩේට විරුද්ධ වුණානේ. දැන් ඔය 95%ම සජබෙ කට්ටිය නෙවෙයිනේ. හැබැයි එයාලා බුද්ධිමත් මිනිස්සු. හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු. ඒ නිසා මම හිතනවා හෙට අතිශය බහුතරයක් එන්නේ මාලිමාවට ඡන්දය ගහපු මිනිස්සු. සජබෙ සහ මාලිමාවට ඡන්දය ගහපු බුද්ධිමත් මිනිස්සු. බුද්ධිමත් මිනිස්සු මේ පොත කියෙව්වම වෙච්ච හදිය දන්නවා. ඒ නිසා මාලිමාවේ අයටත් අපි ආරාධනා කරනවා.

මාධ්‍යවේදියා: දැන් අධිකරණය දෙන තීන්දුවකට එරෙහිවද දැන් ඔබතුමාලා ඔය… ඒ කියන්නේ එහෙම කරන්න බැහැනේ?

මහේෂ් සේනානායක :

කිසිසේත්ම නැත. කිසිසේත්ම නැත. ඒක සම්පූර්ණ වැරදි මතයක්. අධිකරණය විසින් තීන්දුවක් දීලා තියෙනවා. හැබැයි මේ රටේ නීති හදන්නේ, අණපනත් හදන්නේ පාර්ලිමේන්තුව. ඒකේ ඉන්නේ මහජන නියෝජිතයෝ. එතකොට මහජනයා නියෝජනය කරන නියෝජිතයින්ට වගකීමක් තියෙනවා රටේ මහජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. අපි කවදාවත් අධිකරණ පද්ධතිය නැත්නම් අධිකරණයේ තීන්දුවලට අපි ආගියු කරන්නේ නැහැ. හැබැයි අපි පුරවැසි අයිතිය උදුරා ගැනීම් වලට කියනවා. අපි පක්ෂයක් විදිහට, ඒ වගේම මෙරටේ වෘත්තිකයන්, මෙරටේ වෘත්තීය සමිති, ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වා මේ 22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය දෙන්න කියලා.

ඊට අනුකූලව විනිශ්චයකාරතුමන්ලා මතයක් දීලා තිබෙනවා පාර්ලිමේන්තුවට. හැබැයි පාර්ලිමේන්තුවේ තමයි ඒක සම්මත වෙන්නේ. එතකොට මහජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. මොකද කවදාහරි දවසක ඉතිහාසයේ අපි කරපු මේ ෆයිට් එක ගැන සාක්ෂියක් තියෙයි. අනාගතයේදී අපි කරපු දේ ගැන මිනිස්සු කතා කරයි.

මාධ්‍යවේදියා: 150ක බලයක් තියෙන ආණ්ඩුවක් එක්ක කොහොමද ඕක මේ සම්මත නොවී තියෙන්නේ?

මහේෂ් සේනානායක

අපි ඒක දන්නවා. ඒක සම්මත කරගත්තට කමක් නැහැ. සම්මත කරගත්තට කමක් නැහැ. හැබැයි සම්මත කරන්න අත උස්සලා, ඒ අයට ගිහිල්ලා ගෙදර රෑට නිදියගන්න බැරි වෙයි. වෙන මොකුත් නෙමෙයි හෘද සාක්ෂිය කියලා එකක් තියෙනවනේ. දැන් හෘද සාක්ෂිය කියලා එකක් තියෙනවනේ. දැන් ඕකේ නීතිඥ මහත්තුරු ඉන්නවනේ. ඕකේ නීතිය හදාරපු නීතිඥ මහත්තුරු ඉන්නවනේ. එයාලා අර ස්පිරිට් ඕෆ් ලෝ (Spirit of Law) එක කියවලා ඇති, ඩියු ප්‍රොසෙස් (Due Process) එක කියවලා ඇති, බලය බෙදීම ගැන කියවලා ඇති, අධිකරණ ස්වාධීනත්වය කියවලා ඇති. ඒ අයට රෑට නිදියගන්න බැරි වෙයි. මොකද හෘද සාක්ෂිය දන්නවා අත උස්සන්නේ වැරදි දේට කියලා.

මොකද මේ තුනෙන් දෙක කියලා කියන්නේ එක පක්ෂයකට, තනි පක්ෂයක් හදන්න, තනි රටක්, ඒවට නෙමෙයි ඒක දීලා තියෙන්නේ. තුනෙන් දෙකේ අර්ථයම තමයි පාර්ලිමේන්තු බහුතරයක මතය විමසන්න ඕනේ කියලා. කවදාහරි දවසක අපේ පක්ෂයටත් තුනෙන් දෙකක් ලැබුණා කියලා ඒකෙන් නිශ්චය වෙන්නේ නැහැ අපිට ඕන ඕන දේ කරන්න ඕනේ කියලා. එහෙම මම හිතන්නේ අනුර දිසානායක මැතිතුමා ඇතුළු මාලිමාව ඒක වරදවා තේරුම් අරන් ඉන්නවා තුනෙන් දෙකක් දීලා තියෙන්නේ අපිට ඕන ඕන දේ කරන්න කියලා.

මාධ්‍යවේදියා: ජනමත විචාරණයක් තිබ්බනම් ඔබතුමාලා 24 එන්නේ නැහැ නේද ඔය ඉස්සරහට?

මහේෂ් සේනානායක

නැහැ, අපි ජනමත විචාරණයක් තියන්න කියලා ඉල්ලීමක් කරේ අපි දන්න නීතිය අනුව. හරිද? එතකොට 22ට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා, දූෂණ විරෝධී පනතට ජනමත විචාරණයක් ඕනේ කියලා කියලා තියෙනවා. අපි දෙකම පිළිගන්නවා. හැබැයි අපි මහජන නියෝජිතයෝ විදිහට මේ සටන අපි දිගටම කරන්න ඕනේ. ඒ සටන බොහොම අවංකව අපි කරන ව්‍යාපාරයක්.

මාධ්‍යවේදියා: දැන් ඔබතුමාලාගේ ආණ්ඩුවේ තමයි පාස්කු ප්‍රහාරය සිදු වුණේ. ඔන්න වසර ගණනාවකට පස්සේ ඊයේ තමයි තීන්දුවක් ආවේ. අදහසක් තියෙනවද?

මහේෂ් සේනානායක

පළමු වෙනි කාරණය පට්ටපල් බොරුවක්නේ. සමගි ජන බලවේගය ආණ්ඩුවේ හිටියේ නැහැනේ මහත්තයෝ.

මාධ්‍යවේදියා: නැහැ නැහැ UNP එකේ, ඔබතුමාලා ඒ කාලේ හිටියේ…

මහේෂ් සේනානායක

ඒක හරි, ඒක හරි, ඒක හරි. ඉතින් ඒක තමයි. එතකොට දැන් ඒ සම්බන්ධයෙන් 15 දෙනෙකු වරදකරුවන් ලබලා තියෙනවා. නව දෙනෙකු නිදහස්. ඒ නව දෙනාම සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ හිටියේ. හරිනේ, ඒකනේ අහන්න ඕනේ ප්‍රශ්නය?

මාධ්‍යවේදියා: ආ එහෙමද?

මහේෂ් සේනානායක

ඔව්, ඒ නව දෙනාම අපේ හිටියේ. හරිනේ? ? මතක තියාගන්න, සිංහල බෞද්ධයෙක්. මතක තියාගන්න. හරිනේ? ඒ නිසාම අපි අන්න හැමෝටම ගරු කරනවා. හරිනේ? එහෙම කියන්න මට කොන්ද පණ තියෙනවා. සිංහල බෞද්ධයෙක් කියලා මට කියන්න කොන්ද පණ තියෙනවා.

ඒ වගේම ඔය පාස්කු ප්‍රහාරයේදී අසරණ වුණු සැබෑ මුස්ලිම් ජනතාව, ඒ අහිංසක මිනිස්සුන්ව මෙහෙම සැක හිතුවේ. ඒ ගැනයි මම කතා කරන්නේ. දැන් ඕක, දැන් තව පස්සේ කාලෙක කියයි ඔය නවදෙනා අපේ කියලා. උසාවි තීන්දුව, අපි ඒකට ගරු කරනවා. ඒ පාස්කු ප්‍රහාරයේ ප්‍රශ්නය වෙච්ච හැමෝටම සාධාරණයක් සිදුවිය යුතුයි කියන තැන අපි අදටත් ඉන්නවා, හෙටටත් ඉන්නවා.

මාධ්‍යවේදියා: කොයි ඉබ්‍රාහිම්ද?

මහේෂ් සේනානායක

කොයි ඉබ්‍රාහිම්ද? අපේ ජාතික ලැයිස්තුවේ හිටපු එක්කෙනාද? අර ඉබ්‍රාහිම්නේ. එයා හිටියේ සමගි ජන බලවේගයේ. ඔව් ඔව්, එතුමා හිටියේ…

මාධ්‍යවේදියා: ඇයි, ඒ ඔබතුමාලාගේ ජාතික ලැයිස්තුවේ හිටියේ?

මහේෂ් සේනානායක

ඔව් ඔව්, ඒ කියන්නේ ඔය නවදෙනා අපේ ජාතික ලැයිස්තුවේ හිටියේ. ඒ කියන්නේ ගල් අඟුරු හොරා අපේ ලැයිස්තුවේ හිටියේ. එතකොට බාහිර මුදල් 320ක් ගෙනාපු එක්කෙනා හිටියේ අපේ ලැයිස්තුවේ. මාලිමාවේ කවුරුත් හිටලා නැහැ. හරිද? අර ඉබ්‍රාහිම්, මේ ඉබ්‍රාහිම් ඔක්කොම හිටියේ ජාතික ජන බලවේගයේ නෙවෙයි, සමගි ජන බලවේගයේ හිටියේ. මේ මහේෂ් සෙනෙවිරත්නලට කියන්නේ. මොකද ඒකනේ මේ රටේ යම් ප්‍රමාණයකට ඕනේ? යම් අයට ඕනේ මේ රටේ…

අනික අවුරුදු 76ක් සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි කකුලෙන් ඇද ඇද හැමදේටම ඇඟිලි ගහලා මේක විනාශ කරේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ අපි. ඒ කියන්නේ මේ රටේ හැමදාම වෘත්තීය සමිති කරේ අපි, හරිද? දුම්රිය වැඩවර්ජන කරේ අපි, රටේ පරිවර්තනයක් වෙනකොට ඒකට විරුද්ධ වුණේ අපි. මාලිමාව මොනවත්ම කරලා නැහැ. තවම පිරිසිදු, අවංක, මිනිස්සු කොලොප්පම් නොකරපු, අවංක මිනිස්සු. සම්මා සම්බුද්ධත්වය…

දැන් අපි ඊයේ බලාගෙන හිටියා සමහරු කිව්වා මේ ආ අද තමයි මහා මොළකරු එළියට එන්නේ කියලා, තාමත් ආවේ නැහැ නේද? එතන ප්‍රශ්නයක් නැද්ද?

මාධ්‍යවේදියා: කොයි මහා මොළකරුද?

මහේෂ් සේනානායක

අර පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු. ඒක තමයි, මම ඒක උසාවි තීන්දුවක් හින්දා මම කතා කරන්නේ නැහැ. ඉබ්‍රාහිම් හිටියේ අපේ ලැයිස්තුවේ. හිතුනේ නැහැ නේද මම එහෙම කියයි කියලා? ඒ කියන්නේ ඉබ්‍රාහිම් හිටියේ සමගි ජන බලවේගයේ. සිරස එකේ ඒක දාන්න ඕනේ ඈ. සිරස, කොහේ ශෙවාන්ගේ කට්ටිය ඉන්නවද? ගයාන්, ගයාන් මේක දාන්න ඕනේ. ගයාන් මේක… මොකද ඒ කියන්නේ, සමගි ජන බලවේගයේ තමයි ඉබ්‍රාහිම් හිටියේ.

හරිද? අර ඊයේ ගෑස් එක දාලා තිබ්බා, දැන් ඉතින් විරුද්ධ ප්‍රකාශයක්වත් කරන්න බැහැ කියලා දාලා තිබ්බා. ගෑස් එක මිත්‍රයා. මේක මාර ජොලිනේ. හරිද? දැන් මේක අපි භාරගත්තම හරි ජොලිනේ. එතකොට අපිට තව ගහන්න පුළුවන්නේ. ආ? මහජනතාවට කියන්නේ මේ විකෘතිය තේරුම් ගන්න. මේ විකෘතිය තේරුම් ගන්න මේ රටේ අනාගතය වෙනුවෙන්. මේක විකෘති තත්ත්වයක් තියෙන්නේ. කරන්නේම විකෘති වැඩ. අතගහන අතගහන එක මරිමෝල් එකක් විනාශ වෙලා යනවා. මේ විනාශ වෙන්නේ අපේ අනාගතය.

මේ මේ මේ කරන්නේ රටේ ප්‍රශ්න අමතක කරලා බොරුව කරන්නේ. ඉතින් බොරුව කරලා මේ පච ආණ්ඩුව මිනිස්සු විනාශ කරලා ඉවරයි. අර මහජනතාවට තේරෙන භාෂාවෙන් කිව්වේ ඉබ්‍රාහිම් හිටියේ අපේ ලැයිස්තුවේ.

මාධ්‍යවේදියා:

ඒ වුණාට ජනාධිපතිතුමා කිව්ව පොරොන්දුවක් නෙමෙයි ඒ… ජනාධිපතිවරණ කාලයේදී කියනවා මේ පාස්කු ප්‍රහාරයේ මේ පිරිසට දඬුවම් දෙන්න පුළුවන් අපේ ආණ්ඩුවට විතරයි කියලා. හරි, ඉතින් දැන් දඬුවම් දුන්නා.

මහේෂ් සේනානායක

ඔව් ඔව්, හොඳයි හොඳයි. ඉබ්‍රාහිම් අපේ ලැයිස්තුවේ හිටියේ. ආ? ඉබ්‍රාහිම් අපේ ලැයිස්තුවේ හිටියේ. ඉතින් එතුමා ඒ දේ කරා වගේ ඕකට නඩුව වැටුණේ මීට කලින්නේ. එතුමාට අපිට කියන්න තියෙන්නේ, එතුමාගේ ඓතිහාසිකව එතුමා 17 හිටියා, 19 හිටියා, 21 හිටියා, මහා ප්‍රජාතන්ත්‍රවාදී මනුස්සයෙක් විදිහට පෙනී සිටියා. එතුමාගේ හෘද සාක්ෂිය දැන් දන්නවා ඇති නේද මොකද කරන්නේ කියලා? ? එතුමාට මීට වැඩිය දේවල් කරන්න පුළුවන්කම තියාගෙන එතුමා මේ මිනිස්සුන්ව රවට්ටපු එක කරේ. මිනිස්සුන්ට පෙනී සිටියා මම මාර මනුස්සයෙක්, මම මාර ඩෙමොක්‍රටික් මිනිහෙක්, මම හැමෝම වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා, අද එතුමා ඒක නෙමෙයි කරන්නේ. ඒ වෙනුවට අර රැලිය පවත්ව පවත්ව තියෙනවා. ආ? ඉතින් ඔය වගේම අපි කියන්නේ එතුමාට, බාල ගල් අඟුරු 320 ගැනත් කතා කරන්න. ගල් අඟුරු වංචාව ගැනත් කතා කරන්න. නාමල් රාජපක්ෂව හිරේ දැම්මා නේද නිමල් පෙරේරාගේ කතාවට? නිමල් පෙරේරාට එතුමන්ලාගේ කැම්පේන් එකට තව මොනවද වෙන කියලා මොකුත් කියලා තියෙනවලු බ්‍රෝකර් ගාස්තුවක් ගත්තා කියලා. ඒ ගැනත් කතා කරන්න කියලා අපි කියන්නේ.

අපි වෙන මුකුත් කියන්නේ නැහැ. මොකද එතුමාලාව මහා පරිවර්තනයක්නේ. හැබැයි ඒ පරිවර්තනය කරන්න ගිහින් මොකද කරලා තියෙන්නේ? අර නිල් පාට තියෙනවා ගත්තු නදිය කැලෑවට ගියා වගේ කතන්දරයක් දැන් වෙලා තියෙනවා.

Share.
Leave A Reply