ඉදිරි ඕනෑම මැතිවරණයකට සාර්ථකව මුහුණ දී ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) ඇතුළු සමාන ප්‍රතිපත්ති ඇති සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එක්කර ගනිමින් දැවැන්ත දේශපාලන සන්ධානයක් ගොඩනගන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂය නියෝජනය කළ විවිධ කණ්ඩායම් සහ පක්ෂ වෙන් වෙන්ව තරග කළද, එම සියලු බලවේගයන්හි සමස්ත එකතුව ලෙස රටේ ජනමතයෙන් සියයට 57 කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය වූ බව හෙතෙම පෙන්වා දෙයි.

එබැවින් එම සියලු ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාන අදහස් ඇති බලවේගයන් එකම වේදිකාවකට ගොනු කිරීම හරහා ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට පක්ෂය සූදානම් බව මහ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම නව සන්ධානය හරහා ඉදිරි දේශපාලන අධියරයන් සඳහා වඩාත් ශක්තිමත් සහ පුළුල් ජනප්‍රිය පදනමක් සකස් කිරීමට විපක්ෂයේ ප්‍රධාන පක්ෂ තීරණය කර ඇත.

Share.
Leave A Reply