සමඟි ජන බලවේගය දිවයිනම ආවරණය වන පරිදි නව ශාඛා සමිති 13,400ක් ආරම්භ කිරීමේ දැවැන්ත දේශපාලන මෙහෙයුම මේ මස 22 සහ 23 දෙදින අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නව සමිති 671ක් පිහිටුවමින් ඇරඹෙන මෙම වැඩසටහන යටතේ තරුණ හා කාන්තා ප්‍රමුඛ ශාඛා සමිති ස්ථාපිත කිරීමට නියමිත බව මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාව රවටා බලයට පැමිණ අධිකරණයට මුවා වී වංචා, දූෂණ හා මැරකම් වසා ගැනීමට කටයුතු කරන බවට චෝදනා කළ මහ ලේකම් වරයා, අධිකරණයේ ස්වාධීනත්වයට අතපෙවීමට එරෙහිව රට පුරා ජනතාව මෙහෙයවා දැවැන්ත මහජන අරගලයක් හා උද්ඝෝෂණ මාලාවක් දියත් රට පුරා දියත් කරන බව ද අවධාරණය කළේය.

Share.
Leave A Reply