කොමිසමට පැමිණිලි 10,000 පනී: විමර්ශන ස්වාධීනදැයි දැඩි සැකයක්!

BMICH හි නඩත්තුවට මාසෙකට ලක්ෂ 57 ක කුලියක්!

පොලිස් කොමිසමේ රෙදි ගැලවෙන විගණන වාර්තාවක් මෙන්න!

පැමිණිලි 10,737 ක් විමර්ශනය කරන්නත් ගොස් ඇත්තේ පොලිසියමයි

අනවශ්‍ය ගොඩනැගිලි කුලියට කෝටි හතකට ආසන්න මුදලක් කාබාසිනියා කරලා!

පොලිස් කොමිසමෙන් දැවැන්ත නාස්තියක් – ස්වාධීනත්වයටත් තර්ජනයක්!

විමර්ශනවලට පොලිසියම යොදවද්දී – ගොඩනැගිලි කුලියට කෝටි 6.7 ක් ගෙවලා!

පැමිණිලි 10,737 යටපත් වන තැනට වැඩ සලස්වලා!

පොලිස් කොමිසමේ වියදමෙන් සියයට 30 ක්ම BMICH එකේ එක ගොඩනැගිල්ලකට!

පොලිසියට එරෙහි පැමිණිලි බලන්නත් පොලිසියම දාලා!

අපක්ෂපාතීත්වයට දැඩි තර්ජනයක් – ජාතික විගණන කාර්යාලය හෙළි කරයි.

BMICH හි පිහිටි ප්‍රධාන කාර්යාලයට මසකට ලක්ෂ 57 ක කුලියක්!

ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා නැවතත් පොලිස් නිලධාරීන්ම යෙදවීම හේතුවෙන්, අදාළ විමර්ශන ස්වාධීනව හා අපක්ෂපාතීව සිදු කිරීමේ බරපතල අවදානමක් මතුව ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

ඉකුත් වසර තුළ පමණක් ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව පැමිණිලි 10,737 ක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ලැබී තිබේ.

කෙසේ වෙතත්, විමර්ශන නිලධාරීන්ගේ පවතින හිඟය හේතුවෙන් එම පැමිණිලි විමර්ශනය කිරීම සඳහා මෙලෙස පොලිස් නිලධාරීන්ම යෙදවීමට සිදුව ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

ගොඩනැගිලි කුලියට කෝටි 6 කට වැඩි නාස්තියක්මේ අතර, ජාතික පොලිස් කොමිසම පවත්වාගෙන යනු ලබන පරිශ්‍ර සඳහා ඉකුත් වසරේදී පමණක් රුපියල් හයකෝටි හැත්තෑ ලක්ෂයකට (67,000,000) අධික මුදලක් ගෙවා ඇති බවත්, එය ආර්ථික වශයෙන් කිසිදු ඵලදායීතාවයක් නොමැති අනවශ්‍ය වියදමක් බවත් විගණන වාර්තාව පෙන්වා දෙයි.

ජාතික පොලිස් කොමිසමේ ප්‍රධාන කාර්යාලය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වාගෙන යන අතර, ඒ සඳහා පමණක් මසකට රුපියල් පනස් හත් ලක්ෂ එකසිය හැට දෙකක (5,700,162) කුලියක් ගෙවනු ලබයි.

මෙය කොමිෂන් සභාවේ සමස්ත වාර්ෂික වියදමෙන් සියයට 30 කට ආසන්න ඉහළ ප්‍රතිශතයක් වන අතර, මෙවැනි අධික කුලී මුදලක් ගෙවීම ශ්‍රමයට හා ප්‍රතිපාදනවලට සාපේක්ෂව දැවැන්ත අනවශ්‍ය වියදමක් බවද ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කළේ ය.

Share.
Leave A Reply