දේශයේ මුරදේවතාවන්ට උපත දෙන KDU උපකුලපති ධුරයට සුදුස්සා කවුද?
අභ්‍යන්තරයෙන් විරෝධතා: අතිශය සුදුසුකම් ලත් නිලධාරීන් සිටිද්දී පත්වීම්වලට වෙනත් ක්‍රමවේදයක්?
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) මීළඟ උපකුලපති ධුරය සඳහා සුදුස්සා තේරීමේ සම්මුඛ පරීක්ෂණ අවසන් වී ඇති අතර, ඒ සඳහා ඉදිරිපත් වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සුදුසුකම් පිළිබඳව ආරක්ෂක ක්ෂේත්‍රය සහ උගත් බුද්ධිමත් පිරිස් අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ආරක්ෂක සරසවි අභ්‍යන්තරයේ සිටින උගත් පිරිස් පෙන්වා දෙන්නේ, අතිශය ඉහළ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම ධුරය සඳහා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දී සිටියදී, අඩු සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීමට හෝ වෙනත් දේශපාලනමය/අභ්‍යන්තර බලපෑම් මත තීන්දු ගැනීමට උත්සාහ කරන්නේද යන්න පිළිබඳව සැකයක් මතු වන බවයි. අදාළ ඇමතිවරයා හෝ ලේකම්වරයා මෙම සත්‍ය අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳව දැනුවත්ද නැතහොත් දැනගෙන නොදන්නවා සේ සිටින්නේද යන්න පිළිබඳවද අභ්‍යන්තරිකයෝ ප්‍රශ්න කරති.
KDU උපකුලපති ධුරය සඳහා තරග වදින නිලධාරීන්ගේ සුදුසුකම් සැසඳීම:
සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වූ එයාර් මාෂල්වරුන්ගේ (AVM) අධ්‍යාපනික හා වෘත්තීය පසුබිම මෙසේය:
1. එයාර් මාෂල් VTS සිරිමාන්න (01880)
පශ්චාත් උපාධි: දර්ශනපති උපාධිය (MPhil), ආරක්ෂක අධ්‍යයන පිළිබඳ පශ්චාත් උපාධිය (MDefS), රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය (MPM), ගෞරව සම්මාන සහිත ගැටුම් නිරාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය (M. Master in Conflict Resolution – with merit)
නීති ක්ෂේත්‍රය: නීතිවේදී උපාධිය (LLB), ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ (Attorney at Law), ප්‍රසිද්ධ නොතාරිස්, දිවුරුම් කොමසාරිස්
ඩිප්ලෝමා හා වෘත්තීය සාමාජිකත්ව: ගෞරව සම්මාන සහිත ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (with merit), ගෞරව සම්මාන සහිත මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (with merit)
වෘත්තීය ආයතන: CIPM වරලත් සාමාජික, MIM (SL) සාමාජික, MITD (SL) සාමාජික
හමුදා පුහුණු: ජාතික ආරක්ෂක විද්‍යාලයීය සුදුසුකම (ndc), ත්‍රිවිධ හමුදා අණ හා මාණ්ඩලික නිලධාරී පාඨමාලාව (psc)
2. එයාර් මාෂල් DRW ජයවර්ධන (01874)
උපාධි හා පශ්චාත් උපාධි: MSc (Defence Studies in Management), Master of Defence Studies, Master of Social Science and Security Development, BA (Defence Studies)
වෘත්තීය: මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් සුදුසුකම (CIPM)
හමුදා පුහුණු: ndc සහ psc සුදුසුකම්
3. එයාර් මාෂල් SPVK සේනාධීර (01956)
පශ්චාත් උපාධි: Master of Conflict and Peace Studies, Master of Defence Studies, Master of Human Resource Management, Master of Social Science and Security Development
පළමු උපාධිය: BA (Defence Studies)
වෘත්තීය: MIM (SL) සාමාජික, CIPM අනුබද්ධ සාමාජික
හමුදා පුහුණු: ndc සහ psc සුදුසුකම්
4. එයාර් මාෂල් WRDMI වික්‍රමසිංහ (01954)
උපාධි: MSc (Defence and Strategic Studies), BSc (Defence Studies) in Aeronautical Engineering
වෘත්තීය: ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අනුබද්ධ සාමාජික (IESL)
හමුදා පුහුණු: ndc සහ psc සුදුසුකම්
5. එයාර් මාෂල් PN ද කොස්තා (01879)
පශ්චාත් උපාධි: MBA in Human Resource Management, Master of Human Resource Management
හමුදා පුහුණු: ජාතික ආරක්ෂක විද්‍යාලයීය සුදුසුකම (ndc)
රටම බලා සිටින තීන්දුව
මෙම සුදුසුකම් ලේඛන දෙස බැලීමේදී පැහැදිලි වන්නේ අධ්‍යයන, නීතිමය, කළමනාකරණ මෙන්ම ආරක්ෂක අධ්‍යයන යන සෑම අංශයකින්ම පූර්ණ සුදුසුකම් ලැබූ ප්‍රබල නිලධාරීන් රැසක් මේ අතර සිටින බවයි.
පසුගිය කාලයේ රට පාලනය කළ පාලකයන් විසින් සිදු කරන ලද දේශපාලන හා පුද්ගල හිතවත්කම් මත පදනම් වූ අසාර්ථක පත්වීම් ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන යනවාද, නැතහොත් සැබෑ ලෙසම විෂය ක්ෂේත්‍රයට සහ කළමනාකරණයට සුදුසු උගතුන්ට හිමි තැන ලබා දෙනවාද යන්න පිළිබඳව මුළු රටම බලා සිටියි.
දේශයේ අනාගත ආරක්ෂක නායකයන් බිහිකරන උසස් අධ්‍යාපන ආයතනයක උපකුලපති ධුරයට, දේශපාලනික හෝ වෙනත් පදනම් මත තීරණ නොගෙන, සැබෑ සුදුස්සාම පත් කිරීම බලධාරීන්ගේ වගකීම බව උගත් පිරිස් අවධාරණය කරති.

