රජය සිය ආර්ථික අසාර්ථකත්වය සහ අක්‍රමිකතා වසාගැනීමට දූෂණ විරෝධී රැල්ල මෙවලමක් කරගනිමින් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන බව “දිනන දකුණ” සාමූහිකය පවසයි.
පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම වැනි ආයතන දේශපාලනීකරණය කර ඇති බවට හොඳම සාක්ෂියක් බව එම සාමූහිකය පෙන්වා දෙයි.
අධිකරණයට අපහාස කිරීමේ නීති සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් විපක්ෂ නායකයින් රිමාන්ඩ් කිරීමට දැරෙන උත්සාහය රට ඒකාධිපති පොලිස් රාජ්‍යයක් කරා ගෙන යාමක් බවට අනතුරු අඟවන “දිනන දකුණ” සාමූහිකය, මෙම අත්තනෝමතික මර්දනයට එරෙහිව නැගී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

