ක්‍රමයේ වෙනසක් ඇති කරන බව කියමින් බලයට පැමිණි ජාතික ජන බලවේගය වර්තමානය වන විට රටේ තිබූ සමස්ත පද්ධතියම විනාශ කර දමා ඇති බවත්, මෙලෙස රට විනාශ කිරීමෙන් පසු ඒ සියලු විපාක විඳීමට සිදුවන්නේ ඊළඟ ජනාධිපතිවරයා වන සජිත් ප්‍රේමදාස මහතාට බවත් සමගි ජන බලවේගය පවසයි.
තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අවධාරණය කළ ප්‍රධාන කරුණු මෙන්න:
තවදුරටත් විලිලැජ්ජා නැති වැඩ නොකර වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන ලෙස හෝ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
වමේ දේශපාලනය හැමදාමත් සිදුකළේ රට සංවර්ධනය කිරීම නොව රට විනාශ කිරීම පමණක් බව මහේෂ් සේනානායක මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

