22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීමට නීතියක් නැතැයි කියන කැබිනට් ප්‍රකාශවලට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් දැඩි ප්‍රහාරයක් සිදු කළේ ය.
ගම්මන්පිල පෙන්වා දෙන ප්‍රධාන නඩු තීන්දු 3:
අධිකරණයේ ස්වාධීනත්වය යනු ජනතා පරමාධිපත්‍යයයි:
2022 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන ඕනෑම දෙයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තියට (ජනතා පරමාධිපත්‍යයට) බලපායි. ඒ අනුව 83 වන වගන්තිය ප්‍රකාරව ජනමත විචාරණයක් අනිවාර්ය වේ.
තමන්ගේ නඩුවේ තමන්ම විනිසුරු විය නොහැක (Doctor Bonham Case):
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ඍජු ප්‍රතිලාභීන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ම වේ. තමන්ටම වාසි සහගත සංශෝධනයක් තමන්ටම විභාග කළ නොහැකි බැවින්, ඊට උසස්ම අධිකරණය වන “ජනතා අධිකරණයට” (ජනමත විචාරණයකට) යා යුතුය.
යුක්තිය ඉටු වන බව විද්‍යාමාන විය යුතුයි.
ආණ්ඩුවෙන් ලැබෙන වසර 2ක සේවා දිගුව ලබා ගනිමින් විනිසුරුවරුන්ම තීන්දු දුන්නොත්, අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බව ද පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කීය.

