වත්මන් රජයේ ගමන සහ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික වෛද්‍ය චමල් සංජීව මහතා අද (03) පැවැති මාධ්‍ය හමුවේදී කළ ප්‍රබලම හෙළිදරව් මෙන්න:
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සැකයක්!
“පූජිත සහ හේමසිරි විතරක් නෙමෙයි, චෝදනා එල්ල වුණු වත්මන් CID අධ්‍යක්ෂටයි පොලිස් ලේකම්ටයි විමර්ශන පවරලා. චෝදනා තියෙන අයටම පරීක්ෂණ දුන්නාම සාධාරණයක් වෙයිද? ඇත්තම මහ මොළකරුවන් බේරන්න හදනවා!”
අධිකරණය පාලනය කරන්න හදනවාද?
“අගවිනිසුරුගේ ධූර කාලය සාධාරණීකරණය කරන්න රජයේ හිතවතුන් දඟලනවා. ජනාධිපති අනුර දිසානායක මහතා ජේ.ආර්. ජයවර්ධනටත් වඩා විධායක බලතල පාවිච්චි කරන බවක් පේන්නේ. තමන්ගේ හිතවතුන්ගේ නඩු හංගලා, සතුරන්ගේ නඩු විතරක් ඉක්මන් කරනවා!”
බන්ධනාගාර අර්බුදය සහ අසාර්ථක ඇමැති!
“බන්ධනාගාරවලින් 75%ක්ම ඉන්නේ සැකකරුවන් සහ දඩ ගෙවාගන්න බැරි වුණු අය. ඇමැති හර්ෂණ නානායක්කාර විශ්වාසභංගය දිනුවට ජනතාවගේ විශ්වාසය කඩකරපු අසාර්ථක ඇමැතිවරයෙක්!”
මහා පරිමාණ වංචා යට ගහනවාද?
“ගල් අඟුරු, බහලුම්, සහල්, ඖෂධ සහ භාණ්ඩාගාර මූල්‍ය වංචාවලට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කරනවා කියපු අය දැන් 22 වන සංශෝධනය ගෙනැල්ලා බලය තියාගන්න හදනවා.”
සජබ ස්ථාවරය:
“අතාත්වික කතා කියන්නේ නැතුව රටේ ආර්ථිකය හදන, හරියාකාරව නීතිය ක්‍රියාත්මක කරන ඕනෑම හොඳ ප්රතිපත්තියකට සහාය දෙන්න සමගි ජන බලවේගය ලෑස්තියි!”

