විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය පිටුපස ඇති බාහිර හස්තයන් පිළිබඳව “දිනන දකුණ සාමූහිකය” දැඩි සැකය පළ කරයි.

අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය පවා නොදැන සකස් වූ මෙම කැබිනට් පත්‍රිකාව අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයකි. මේ වන විටත් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජාත්‍යන්තර විනිසුරු සංගමය (IAJ) එකහෙළා මෙයට තම විරෝධය පළ කර ඇත.

අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමටත්, ජාත්‍යන්තර මට්ටමින් රටේ කීර්තිනාමයට වෙන හානිය වැළැක්වීමටත් වහාම මෙම තීරණය හකුළා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු!

Share.
Leave A Reply